ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව ක් දැන් රටටම විහිළු සපයනවා, විහිළුවෙන් රටක් දුවන්න බැහැ. මැතිවරණ වේදිකාවල පාස්පෝට් පෝලිම් අතර කරනවා කිව්වා අදටත් පොලිම් එහෙමමයි. එම් එම් එම්, වට්ස් ඇප් මාර්ගයෙන් විසඳුම් ලැබුණට වැඩක් නෑ. මේ රජය බලයට පත් වූ දා සිට කලේ පාස්පෝට් පෝලිමට විසඳුම් දීම නොව පෝලිම වැඩි කිරීමයි.
බදු අඩු කරනවා, මිල සූත්‍ර නැති කරනවා, උගන්වාගේ මුදල් ගෙන එනවා කියමින් වේදිකාවල කෑමොර දුන්නත් අවසානයේ අයිඑම්එෆ් ඉදිරියේ දන නමා නතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය තෙල් මිල සූත්‍රයේ වහලෙකු බවට පත්වෙනවා.
සාමාන්‍ය ජනතාව වෙනුවෙන් තෙල් මිල අඩු කරන්න හැකියාව තිබියදී එසේ නොකර න්න සුපිරි පැලැන්තියේ භාවිතා කරන තෙල් මිල පමණක් අඩු කළා. තෙල් මිල තීරණය කරන්නේ වංචාව දූෂණය සහ හොරකම යැයි කියූ ඔවුන්ම අද ෙල් මිල සූත්‍රයේ වහලෙකු වෙලා.
තෙල් මිල අඩු කරන්ඩ විදුබිල අඩු කරන්න ආහාර මිල අඩු කරන්න පාර්ලිමේන්තුවේ අවසර අවශ්‍ය නෑ. විධායක ජනාධිපතිවරයාට එය පහසු කාර්යයක් එම නිසා කරුණාකර උගණ්ඩාවේ තියෙනවා කියපු මුදල් ටික ක් නැවත අප රටට ගෙන ආ යුතුයි. එම මුදල් ගෙන දුක් විඳින ජනතාවට සහනය දිය යුතුයි.
