22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

FaceBook වල බොරු දමන අය අල්ලන්න ජාතික මැතිවරණ කොමිෂන් සභාවෙන් කමිටුවක්

සමාජ මාධ්‍ය ඔස්සේ මහ මැතිවරණය සම්බන්ධයෙන් සිදුකරන අසත්‍ය ප්‍රචාරයන් සොයා බැලීම සඳහා ජාතික මැතිවරණ කොමිෂන් සභාව මගින් විශේෂ කමිටුවක් පත්කර ඇති බවත්, එම කමිටුව සඳහා නිලධාරීන් පස් දෙනෙක් යොදවා ඇති බව දැනුම් දෙයි.
මෙම මහ මැතිවරණය සඳහා යම් පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් සිදු කරන අසත්‍ය ප්‍රචාර, අගතියට පත් කිරීම් සම්බන්ධයෙන් කමිටුවේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කිරීමට නියමිතය.
එවැනි ප්‍රචාරයන් මාජ මාධ්‍ය ජාල වලින් ඉවත් කිරීමට කටයුතු කරන බවත් බරපතළ ප්‍රකාශන සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් ජාතික මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz