ඊයේ දින පැවැති 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ. 2024 මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට විශිෂ්ට ජයක් හිමි වී තිබේ. ඔවුන්ට හිමි වූ සමස්ත ඡන්ද සංඛ්‍යාව 6,863,186ක් වන අතර, පාර්ලිමේන්තුවේ ආසන 159ක් එම පක්ෂයට හිමි විය.
මහජන ඡන්දයෙන් ජාතික ජන බලවේගයට ආසන 141ක් හිමි විය. ඊට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 18ක් එක්වූ අතර ඒ අනුව ඔවුන්ට හිමි වූ සමස්ත ආසන සංඛ්‍යාව 159කි.
ඡන්ද 1,968,716ක් හිමි කර ගත් සමගි ජන බලවේගයට හිමි වූ ආසන සංඛ්‍යාව 40කි.
