22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

දුම්රිය මගීන් ගේ පහසුව සදහා විශේෂ දුම්රිය කිහිපයක්

පසුගියදා මහමැතිවරණය සහ 14 වනදා සිට යෙදී තිබූ දීර්ඝ සතිඅන්ත නිවාඩුව සදහා ගම්බිම් බලා පිටත්ව ගිය මගී ජනතාව නැවත රැකියා ස්ථාන වෙත පැමිණීමට නියමිතව බැවින් ඔවුන්ගේ පහසුව සදහා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අද (17) සහ හෙට (18) දිනවල දී සාමාන්‍ය දුම්රිය ධාවන වාරයන්ට අමතරව විශේෂ දුම්රිය වාර 7ක් සැලසුම් කර තිබේ.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, බදුල්ල සිට කොළඹ කොටුව දක්වාත්, මහනුවර සිට කොළඹ කොටුව දක්වාත්, බෙලිඅත්ත සිට කොළඹ කොටුව දක්වාත් එයට අමතරව කොළඹ කොටුව සිට හික්කඩුව දක්වාත්, මාතර සිට කොළඹ කොටුව දක්වාත්, ගාල්ල සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රිය වාර ක්‍රියාත්මක වීමට නියමිතය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz