22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේ පළමු රැස්වීම ඇරඹේ

මහමැතිවරණයෙන් අනතුරුව රැස්වෙන දස වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අද (21) ආරම්භ විය.

පෙ.ව. 10.00ට වේත්‍රධාරී සෙන්කෝලය තැන්පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳ ජනාධිපතිතුමා නිකුත් කළ නිවේදනය පාර්ලිමේන්තු මහලේකම්තුමිය විසින් සභාවට ඉදිරිපත් කළේය. අනතුරුව දස වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස අශෝක රංවල මහතා නම් කර තෝරාපත් කර ගනු ලැබිණි. ඒ මහතාගේ නම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් යෝජනා කළ අතර අමාත්‍ය විජිත හේරත් මහතා එය ස්ථීර කළේය.

අභිනව කථානායකවරයා ලෙස සිය දිවුරුම සිදුකිරීමෙන් අනතුරුව සියලුම මන්ත්‍රීවරුන්ගේ නිල දිවුරුම සහ ප්‍රතිඥාව සිදු කළහ. ඉන් අනතුරුව අභිනව පාර්ලිමේන්තුව වෙනුවෙන් පාර්ලිමේන්තු මහලේකම්, අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂනායකවරයා සිය සුභාසිංසන එක් කිරීම සිදු විය.

අනතුරුව, නියෝජ්‍ය කතානායක ලෙස මොහොමඩ් රිස්වි මහතා නම් කර තෝරා පත් කර ගැණින. ඒ මහතාගේ නම .සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස මහතා විසින් යෝජනා කළ අතරසරෝජා සාවිත්‍රි අමාත්‍යවරිය එය ස්ථිර කළේය. දස වන පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා පත් කළ අතර, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධාවක ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්කර බව කථානායක අශෝක රංවල මහතා නිවේදනය කළේය. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිධූරය සඳහා හේමාලි වීරසේකර මහත්මිය පත් වූ අතර , අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා එම නම යෝජනා කළ අතර ස්ථිර කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මියයි අනතුරුව පාර්ලිමේන්තු සභාවාරය පෙ.ව 11.30ට නිල වශයෙන් ආරම්භ විය. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව මීට පෙර රාජ්‍ය නායකයින් වෙත සිදු කළ ආචාර වෙඩිමුර, හමුදා උත්තමාචාර ආදිය මෙවර නොපවැත් විණි.

අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz