22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ 2024

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ 2024 කොළඹ අරලිය ගහ මන්දිරයේදී උත්කර්ෂවත් අන්දමින් (27) පැවැත්විණි. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සමඟ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ සංවිධාන කරනු ලැබීය.

පසුගිය වසරේ ප්‍රකාශයට පත් කෙරුණු සාහිත්‍ය කෘති අතරින් විනිශ්චය මණ්ඩලයක් මගින් තෝරාගත් හොඳම කෘති මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.

රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාවේ සභාපති රඹුකන සිද්ධාර්ථ හිමි ඇතුළු මහා සංඝරත්නය, බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු ඇමැති මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, යෞවන හා ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ, අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ සහ ලේඛක ලේඛිකාවෝ රැසක් මේ අවස්ථාවට එක්වූහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz