හෂීම් ඔමාර් පදනම අධ්‍යාපනය වෙනුවෙන් වටිනා ලැප්ටොප් පරිගණක ලබා දෙමින් කරන ලද මෙහෙවර ප්‍රශංසනීයයි – තිනකරන් ප්‍රධාන කතෘ සෙන්තිල් වේලවර්

හෂීම් ඔමාර් පදනමේ නිර්මාතෘ, ස්වාධීන රූපවාහිනි සේවයේ හිටපු අධ්‍යක්‍ෂක, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු උපදේශක හෂීම් ඔමාර් මහතා ජාති, කුල ආගම් භේදයකින් තොරව දීර්ඝ කාලයක් කලා සහ සාහිත්‍ය ක්ෂේත්‍රයේ නියැළෙමින් අධ්‍යාපනය ලබන දුප්පත් සිසුන්ට වටිනා ලැප්ටොප් පරිගණක ලබා දෙමින් අධ්‍යාපනය වෙනුවෙන් කරන ලද මෙහෙවර ප්‍රශංසනීයයි, ඔහුගේ කාර්යය අගය කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා යැයි තිනකරන් දමිළ පුවත්පතේ ප්‍රධාන කතෘ සෙන්තිල් වේලවර් මහතා පවසයි.
ඒ මහතා එසේ ප්‍රකාශ කලේ ඊයේ ( 19.01.2025 ඉරිදා) හෂීම් ඔමාර් පදනම විසින් 2024 වසරේ දී ආරම්භ කරන ලද අධ්‍යාපනික සහ තොරතුරු තාක්‍ෂණය පිළිබදව සිසුන් ගේ දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට සහය දීමේ අරමුණින් දිවයින පුරා විසිරී සිටින පාසල් සහ විශ්ව විද්‍යාලීය සිසුන් සදහා නොමිලේ ලැප්ටොප් පරිගණක පරිත්‍යාග කිරීමේ වැඩ සටහන මාසිකව සංවිධානය කරන අතර එහි අටවන ( 08 ) වන අදියර කොළඹ කොල්ලුපිටියේ හෂීම් ඔමාර් පදනමේ මූලස්ථානයේදී පැවති උත්සව සභාව අමතමිනි.

ලැප්ටොප් පරිගණක ලබා ගැනීම සඳහා අයදුම් කල අයදුම්කරුවන් අතරින් ජූරි සභාව විසින් කොළඹ , දික්ඔය, වැලිගම, පොරළුවැව යන ප්‍රදේශවලින් තෝරාගත් විශ්ව විද්‍යාලීය සිසුන් හට අනුශාසක හෂීම් ඔමාර් මහතා ප්‍රධානත්වයෙන් ලැප්ටොප් පරිගණක බෙදා දෙන ලදී.

මෙම අවස්ථාවට තිනකරන් දමිල පුවත්පතේ ප්‍රධාන කතෘ ටී.සෙන්තිල් වේලවර්, වීරසේකරි දමිල පුවත්පතේ ප්‍රධාන කතෘ එස්. ගජන්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රාධා මේතහා, ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *