කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සුහද සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය ජනවාරි 26

කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් තුන්වන වරට වාර්ෂිකව සංවිධානය කරනු ලබන සුහද සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය එලැඹෙන ජනවාරි (26) දා ශ්‍රීජයවර්ධනපුර කෝට්ටේ අංගම්පිටිය ක්‍රීඩාංගණයේදී දවස පුරා පැවැත්වේ.

කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 6 ක් මෙම සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය සදහා තරග කරනු ලබයි.උදෑසන 8.30 ට සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිත අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිත අතර දේශපාලන පක්ෂ නායකයන්,ක්‍රීඩකයන් , කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයන්ගේ පවුල් වල පිරිස් ඇතුලු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *