22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කොකා-කෝලා සහ Clean Ocean අතර හවුල්කාරිත්වය අඛණ්ඩව තුන්වන වසරටත්

2025 ජනවාරි 30 වන දින ආරම්භ වූ ’Adopt a Beach’ වැඩසටහනේ තුන්වන වසර සඳහා කොකා-කෝලා සහ Clean Ocean එක්ව ඔවුන්ගේ හවුල්කාරිත්වය නැවත අලුත් කළේය. ශ්‍රී ලංකාවේ වෙරළ තීරය ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක මෙම හවුල්කාරීත්වය අලුත් කිරීමේ විශේෂ අවස්ථාව සමරනු ලැබුවේ Clean Ocean හි සභාපති සහ නිර්මාතෘ ජෙරම් ප්‍රනාන්දු සහ කොකා-කෝලා ශ්‍රී ලංකා හි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා අධ්‍යක්ෂිකා කෞෂාලි කුසුමපාල මහත්මියගේ සහභාගීත්වයෙනි.

මෙම වැඩසටහන කොළඹ 15 කාක දූපත වෙරළ උද්‍යානයේදී පැවැත්විණි. මෙම හවුල්කාරීත්වය වෙරළ පිරිසිදු කිරීම් සහ ප්‍රතිචක්‍රීයකරණ උත්සාහයන් තුළින් සමුද්‍ර දූෂණය අවම කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. ’Adopt a Beach’ වැඩසටහන සමුද්‍ර පරිසර පද්ධති ආරක්ෂා කිරීම, පරිසර හිතකාමී පිළිවෙත් දිරිමත් කිරීම සහ ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා ජනතාව එකට එක් කරනු ලබයි. තවද එකට එක්ව වැඩ කිරීම තුළින් සාගරයේ ස්වභාවික සුන්දරත්වය ආරක්ෂා කිරීමට සහ ගෝලීය ක්‍රියාමාර්ගයක් ගැනීමට අන් අය පෙළඹවිය හැකි ආකාරය මෙන්ම පිරිසිදු, හරිත අනාගතයක් ගොඩනැගීමේදී පුද්ගලයින්ගේ සහ සංවිධානවල කාර්යභාරයද මෙමගින් පෙන්නුම් කරයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz