22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය (GEMP) සඳහා අතිරේක ප්‍රතිපාදන ලෙස ඩොලර් මිලියන 50ක්

ලෝක බැංකුවේ ආධාර මත සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය (GEMP) අධ්‍යාපන අමාත්‍යංශයීය යෝජනා සමඟ සමගාමී ගමනකට එකඟතාව පළ කරයි.
-අතිරේක ප්‍රතිපාදන ලෙස ඩොලර් මිලියන 50ක්
ලෝක බැංකුවේ ආධාර මත සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය (GEMP) අධ්‍යාපන අමාත්‍යංශයීය යෝජනා සමඟ සමගාමී ව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට එකඟතාව පළකර තිබේ. ඒ අනුව ලෝක බැංකු යෝජනා සහ අධ්‍යාපන අමාත්‍යංශය පාර්ශ්වයේ යෝජනා පිළිබඳ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට පැමිණි බැව් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය ප්‍රකාශ කළා ය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක පමණ අතිරේක ප්‍රතිපාදන මේ සඳහා ලෝක බැංකුව විසින් සපයනු ඇත. ඒ අනුව සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතියේ මූලික අරමුණු වශයෙන් හඳුනාගෙන තිබෙන ගුරු පුහුණුව, අධ්‍යාපනයේ යටිතල පහසුකම් සංවර්ධනය හා ප්‍රතිසංවිධානය, සංවර්ධනයට සමගාමීව විෂයමාලා යාවත්කාලීන කිරීම, විභාග ක්‍රමය ප්‍රතිසංවිධානය, මහජනතාව දැනුම්වත් කිරීම උදෙසා මෙම මුදල් යෙදවීමට අපේක්ෂිත ය.

එමෙන් ම මෙම අතිරේක මුදල් යොදවමින් පාසල් දරු දැරියන්ගේ සෞඛ්‍ය සහ ප්‍රතිශක්තිය වර්ධනය, පාසල් සංවර්ධනය සඳහා වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ගුරුවරුන් සන්නද්ධ කිරීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමානාත්මතාව ඇති කිරීම, පාසල්වල ගුණාත්මක භාවය සුරක්ෂිත කිරීම පිණිස ජාතික වැඩසටහනක් ක්‍රියාවට නැංවීම, කාලගුණ වෙනස්කම් පිළිබඳ විද්‍යාත්මක සම්මුතියකට පැමිණීම, ඉංග්‍රිසි භාෂාව සහ ගණිතය විෂයයන් සඳහා ඩිජිටල් තාක්ෂණයෙන් පුස්තකාල පහසුකම් ලබා දීම, අධ්‍යාපනයේ අන්තර්කරණ වැඩසටහන් හා පාසල් ප්‍රතිසංවිධානය කිරීමට මූලිකත්වය ලබාදීමට දෙපාර්ශ්වයේ ම එකඟතාව පළ විය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව ඇතුලු නිලධාරීන්, ලෝක බැංකුව නියෝජනය කරමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින් රාජ්‍ය සඳහා කළමනාකරු ජිවොග් සාර්ග්ස්යන් (Gevog Sargsyan), එහි ආර්ථික විශේෂඥ ආචාර්ය හර්ෂ අතුරුපාන, මාලදිවයින්, නේපාල සහ ශ්‍රී ලංකා ව්‍යාපෘති නායිකා අයේෂා වයි. වව්ඩා (Ayesha Y. Vawda) මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz