22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට AI තාක්ෂණයෙන් නව විසඳුම්

අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීම උදෙසා AI  තාක්ෂණය සහ අනෙකුත් නව තාක්ෂණික උපාංග කඩිනමින් භාවිතයේ යෙදවීම සම්බන්ධයෙන් අද දින (24) පරිසර අමාත්‍යංශයේ දී සාකච්ඡාවක් පැවැත්වීය.

නිරන්තරයෙන් දුම්රියවල අලිඇතුන් ගැටීමට අදාළ සිදුවීම් මෑතකාලයේදී වැඩි වශයෙන් දක්නට ලැබුණු අතර එවැනි සිදුවීම් පෙර හඳුනාගෙන ප්‍රායෝගික විසඳුම් සෙවීම සඳහා නව රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් පවතී. ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු රජයේ විශ්වවිද්‍යාල කිහිපයක් විසින් හඳුනා ගත් නවීන තාක්ෂණික උපක්‍රම සහ උපාංග පිළිබඳ දැනුවත්කිරීමක් මෙහි දී සිදුවූ අතර එම තාක්ෂණය කඩිනමින් ප්‍රායෝගිකව භාවිතයේ යෙදවීමට අදාළ ආයතන දැනුවත් කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

මෙම සාකච්ඡාව සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, පරිසර අමාත්‍යංශයේ ලේකම් රෝහිත උඩුවාවල මහතා සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව යන ආයතනයන්ගේ නිළධාරීන් මෙන් ම පරිසරවේදීන් නියෝජනය කරමින් රවින්ද්‍ර කාරියවසම් සහ සමන්ත ගුණසේකර යන මහත්වරුද සහභාගී වී සිටියහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz