22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

මෙරට ජෛව විධත්වයට දැඩි බලපෑමක් එල්ල කරන ආක්‍රමණශීලි ශාක හා ජිව විශේෂයන් මර්ධනය හා කළමනාකරණය පිළිබද රාජ්‍ය නිලධාරින් දැනුවත් කෙරේ.

තෙත් කලාපීය ජෛවිධත්වයට විශාල හානියක් සිදු කරන ආක්‍රමණශීලී ආගන්තුක ශාක විශේෂයක් වන යෝධ නිදිකුම්බා (Mimosa Pigra) ශාකය සහ අනෙකුත් ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂයන් මර්ධනය හා කළමනාකරණය පිළිබඳ රාජ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින (21) පරිසර අමාත්‍යංශයේ දී පැවැත්විය.

වැඩසටහනේ පළමු අදියර පැවැත්වුණේ, ජෛව විවිධත්ව අංශයේ නිළධාරීන් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිළධාරීන්ගේ ද සහභාගිත්වයෙන්.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්වයට ප්‍රධාන තර්ජනයක් ලෙස ආක්‍රමණශීලී ආගන්තුක ශාක හා ජීවී විශේෂයන්හි පැතිරීම හඳුනාගෙන ඇත.

ඒ අතරින් ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ආක්‍රමණශීලී ආගන්තුක ශාක විශේෂයක් වන යෝධ නිදිකුම්බා ශාකය පැතිරීම නිසා තෙත් බිම් ආශ්‍රිත පරිසර පද්ධතීන් මෙන්ම, කෘෂිකාර්මික පරිසර පද්ධතීන් තර්ජනයට ලක්ව ඇති බවටයි නිරීක්ෂණය වී ඇත්තේ.

උක්ත කරුණ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ කාලීන අවශ්‍යතාව හඳුනාගෙන පළමුව කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිළධාරීන් සහ අදාළ ක්ෂේත්‍ර නිළධාරීන් සඳහා, පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව අංශය මගින් දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් ඉදිරියේදි සංවිධානය කර තිබෙනවා.

මෙම වැඩසටහන යටතේ ඉදිරියේදී ආක්‍රමණශීලී ශාක හා ජීවී විශේෂයන් මර්දනය කිරීමේ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතයි.

වැඩසටහනේදී අදහස් දැක්වූ

මහාචාර්යය බුද්ධි මාරබේ මහතා

නීතිඥ ජගත් ගුණවර්ධන මහතා

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz