22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ඡා සිදුකළා

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය සම්බන්ධයෙන් රටක් ලෙස ක්‍රියා කළ යුතු ආකාරය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින බවත්, මේ සම්බන්ධයෙන් ඇතැමුන් වැරදි සමාජ මත ඉදිරිපත් කරනවා. නමුත් මෙම ප්‍රකාශය සිදුකළ ගමන් මුදල් අමාත්‍යාංශය අප්‍රේල් 04 දින මාධ්‍ය නිවේදනයක් නිකුත්කළා. එය මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය වෙත ඉදිරිපත් කළා. අද(06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය  ආචාර්ය අනිල් ජයන්ත් ප්‍රනාන්දු මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට, ධවල මන්දිරයට  සහ අමෙරිකා ට්‍රේඩ් රිප්රසන්ටේටිව් ආයතනය , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා නිවැරදි රාජ්‍ය ත්‍රාන්තිකභාවය වන්නේ එය බවද පැවසීය.

දෙවැනිදා මෙම ප්‍රකාශය කළ ගමන්  මාර්ගගත ක්‍රමය ඔස්සේ  මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ් අනුව යෝජනා ඉදිරිපත් කරන ලෙස ඔවුන් දැන්වූවා. ඒ් අනුව එළඹෙන අඟහරුවාදා පැවැන්වෙන රැස්වීමේදී මෙම යෝජනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරනවා.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz