22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස්වරයා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි.

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M)) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා හමු විය.

උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන ක්ෂේත්‍ර තුළ දෙරට අතර පවතින සහයෝගීතාව වර්ධනය කිරීම මෙම හමුවේ මූලික අරමුණ විය. මේ වන විට ශ්‍රී ලාංකික සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය සඳහා පාකිස්ථානයේ ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරෙන අතර ඉදිරියේදී කෘෂිකර්මය, පශු සම්පත් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍රයන් සඳහා ශිෂ්‍යයත්ව ලබා දීම සම්බන්ධයෙන් මෙහීදී සාකච්ඡා සිදු විය. එමෙන් ම වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශිෂ්‍යයන්ට ගුණාත්මක වෘත්තිය පුහුණුවක් ලබා දීම සඳහා පකිස්ථාන පුහුණුකරුවන් විසින් මෙරට පුහුණු සැසි පැවැත්වීම කෙරෙහි ද එහීදී අවධානය යොමු විය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz