ශ්‍රී ලාංකිකයන් සහ දේශීය ව්‍යාපාර සවිබල ගන්වන්නට සියපත ෆිනෑන්ස් වෙතින් නව්‍යකරණය වූ ණය පහසුකම් රැසක්

සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම අනුබද්ධිත සමාගම සහ දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සමාගමක් ලෙස ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් ගනුදෙනුකාරභවතුන් වෙත ලබාදෙන නව්‍යකරණය පිරි හෘද්‍යාංගම මූල්‍ය සේවා අතරට පුද්ගලික හා ව්‍යාපාරික අවශ්‍යතා සපුරාලන විවිධාංගීකරණය කළ ණය පහසුකම් කිහිපයක් හඳුන්වා දී තිබේ. සියපත ෆිනෑන්ස් පීඑල්සී සතු තිරසාර වර්ධනය සඳහා වූ උපායමාර්ගික දැක්ම හා අනුකූල වූ මෙම නවතම ණය පහසුකම් අතරට වත්මන් ගනුදෙනුකාරභවතුන්ගේ අවශ්‍යතා සඳහා ඉතා කඩිනමින් ලබාගත හැකි උප ණය  (Sub Loan), රථවාහන ණය  (Vehicle Loan) සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දුන් ශ්‍රී ලංකා හරිත මූල්‍ය වර්ගීකරණය (Sri Lanka Green Finance Taxonomy) යටතේ පරිසර හිතකාමී මෝටර් රථ හා යන්ත්‍රෝපකරණ යනාදිය මිලදී ගැනීම සඳහා ලබාදෙන හරිත ණය  (Green Loan) එක්වේ.

සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් හඳුන්වාදෙන මෙම නවතම ණය පහසුකම් හරහා ගනුදෙනුකාරභවතුන් ඇතැම්විට මුහුණ පෑ හැකි ණය අවදානම් අවම කරමින් සමස්ත පාරිභෝගික අත්දැකීම උපරිම කිරීම අපේක්ෂා කෙරේ. මෙම නව ණය පහසුකම් හරහා සියපත ෆිනෑන්ස් පීඑල්සී තරගකාරී ණය ක්ෂේත්‍රයේ නව මානයන් කරා ලඟා වෙමින් තමා වෙතට පැමිණෙන ගනුදෙනුකාරභවතුන්ට සෑම ආකාරයකම පහසුකම් සැලසීමට බලාපොරොත්තු වේ.

නවතම ණය පහසුකම් පිළිබඳ අදහස් දැක්වූ සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා “මෙම ණය පහසුකම් හරහා අප විසින් මෙතෙක් ලබාදුන් සේවාවන් තවදුරටත් පුළුල් වෙනවා. අප කෙරෙහි විශ්වාසයෙන් පැමිණෙන ගනුදෙනුකාරභවතුන්ට වඩාත් නම්‍යශීලී මූල්‍ය විසඳුම් ලබාදෙන්නට මේ සමග අපට හැකිවෙනවා.” යැයි පැවසීය.

සියපත ෆිනෑන්ස් පීඑල්සී හඳුන්වාදෙන මෙම ණය පහසුකම් සියල්ලම පූර්ණ විනිවිද භාවයකින් යුතුව වෙළඳපොළ ඉල්ලුම, නියාමන අවශ්‍යතා සහ අවදානම් කළමනාකරණ උපායමාර්ග සමඟ අනුගත වන පරිදි ඉතා සැලකිල්ලෙන් සැලසුම්සහගතව සකස් කර ඇත. ඒ සඳහා ගනුදෙනුකරුවන්ට දැරිය හැකි ප්‍රමාණයක ආකර්ෂණීය පොලී අනුපාතික ක්‍රමයක් ද හඳුන්වාදී ඇත. පහසු සහ නම්‍යශීලී මූල්‍ය විසඳුම් හරහා සියළු ශ්‍රී ලාංකිකයන් හා ව්‍යාපාර ආයතන ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීමේ සියපත ෆිනෑන්ස් මෙහෙවරේ නවතම හඳුන්වාදීම වන මෙම ණය පහසුකම් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා අනුව ඔවුන් කේන්ද්‍ර කරගනිමින් සැලසුම් කෙරෙන අද්විතීය නවෝත්පාදනයන් වේ.

සියපත ෆිනෑන්ස් වෙතින් පිරිනමන නවතම ණය පහසුකම් පිළිබඳ  වැඩි විස්තර සඳහා ආයතනික වෙබ් අඩවියට පිවිසෙන්න www.siyapatha.lk

සියපත ෆිනෑන්ස් පීඑල්සී පිළිබඳ..
සම්පත් බැංකුවට අයත් විශාලතම සාමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) ලැයිස්තුගත සමාගමක් ලෙස ස්ථාවරව සිටින අතර ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව A (lka) හිමිකරගත් ශක්තිමත් හා ස්ථාවර දේශීය මූල්‍ය සමාගමක් ලෙස සිය මූල්‍ය ස්ථාවරත්වය සනාථ කරයි. ලීසිං, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, චක්‍රීය ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම් ඇතුළු මූල්‍ය සේවාවන් රැසක් සියපත ෆිනෑන්ස් පීඑල්සී ගනුදෙනුකාරභවතුන් වෙත පිරිනමයි.