අපි කොළඹ නගර සභාවේ බලය පිහිටුවනවා – කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමේ අයිතිය තිබෙන්නේ ජාතික ජනබල වේගයට බවත්, තනි පක්ෂයක් විදියට වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ඇත්තේ සිය පක්ෂය නිසා එම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට කටයුතු කරන බවත් කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

තනි පක්ෂයක් විදියට වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ඇත්තේ සිය පක්ෂය බවත් එම නිසා බලය පිහිටුවීමට කටයුතු කරන බවත් හෙතෙම කීවේය.

කොළඹ මහ නගර සභාවට සමගි ජන බලවේගයේ නගරාධිපති ධුර අපේක්ෂකයාගේ කොට්ඨාසය පවා පරාජය වී ඇති බව ඒ මහතා කියාසිටියේය.

“සජිත් ප්‍රේමදාස මහතා පළාත් පාලන ආයතන 14ක් දිනලා කියනවානේ. ඒ 14න් එකක් හරි තිබෙනවා ද තනිව බලය පිහිටවන්න පුළුවන්. සජබෙට තනිවම නැහැ.

අගලවත්ත ප්‍රාදේශීය සභාවේ 20න් 06ක් දිනලා අපිට වඩා ඡන්ද 250ක් අරගෙන දිනුවයි කියනවා. අන්න ඒ වගේ තමයි 14 ම. 266ක් ආණ්ඩුවට දීලා තිබෙනවා” යැයි ද ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *