22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සංවිධානය කල ප්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළුව ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී..

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් දීප ව්‍යාප්තව සංවිධානය කරනු ලබන ප්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළු මාලාවේ දෙවන අදියර ත්‍රිකුණාමල දිස්ත්‍රික් මාධ්‍යවේදීන් උදෙසා දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

ත්‍රිකුණාමල දිසාපති හා දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ජී.එම්. හේමන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවේ දේශන මෙහෙයවීම ලේක්හවුස් ආයතනයේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා මහතා සහ තිනකරන් පුවත්පතේ ප්‍රධාන කතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දේවදාසන් සෙන්දිල්වේලවර් මහතා විසිනි.

“යහපත් සමාජයක් ගොඩනැඟීම උදෙසා ජනමාධ්‍යවේදියාගේ කාර්යභාර්ය” යන මැයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර මහතා, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සහකාර කොමසාරිස් සුරෝෂණ ඉරංග මහතා ඇතුළු ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සම්බන්ධ වූහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz