( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2025 ජුනි මස 15 දින සඳහා කාලගුණ අනාවැකිය
2025 ජුනි මස 15 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැක.
උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැක.
තද සුළං වලින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
WEATHER FORECAST FOR 15 JUNE 2025
Issued at 05.30 a.m. on 15 June 2025
Showers will occur at times in Western, Sabaragamuwa, Central, Southern and North-western provinces.
Heavy falls about 100 mm are likely at some places in the Western, Sabaragamuwa and North-western provinces and in Nuwara-Eliya, Kandy, Galle and Matara districts.
Several spells of showers will occur in the Northern province and in Anuradhapura district.
Showers or thundershowers may occur at a few places in Uva province and in Ampara and Batticaloa districts during the afternoon or night.
Strong winds of about (50-60) kmph can be expected at times over Western slopes of the central hills and in Northern, North-central, Sabaragamuwa, North-western and Southern provinces and in Trincomalee district.
The general public is kindly requested to take adequate precautions to minimize damages caused by temporary localized strong winds.
