18.06.2025 Weather Forecasts – කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு – Weather Forecastsනාවැකිය – வானிலை முன்னறிவிப்பு –

( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )

2025 ජුනි මස 18 දින සඳහා කාලගුණ අනාවැකිය
2025 ජුනි මස 18 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

WEATHER FORECAST FOR 18 JUNE 2025
Issued at 05.30 a.m. on 18 June 2025

Showers will occur at times in the Western and Sabaragamuwa provinces and in Nuwara-Eliya, Kandy, Galle and Matara districts.
Several spells of showers will occur in the North-western province.
Showers or thundershowers may occur at a few places in the Uva province and in Ampara and Batticaloa districts in during the afternoon or night.
Fairly strong winds of about (30-40) kmph can be expected at times over Western slopes of the central hills and in Northern, North-central, Southern and North-western provinces and in Trincomalee district.
The general public is kindly requested to take adequate precautions to minimize damages caused by temporary localized strong winds and lightning during thundershowers.