22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

විද්‍යාව සහ විද්‍යාවේ දියුණුව මිනිසාගේ දියුණුවටත්, ලෝකය දිනවන්නත් යොදා ගන්න ඉගෙනගන්න. – අමාත්‍ය විජිත හේරත්

අධ්‍යාපන අමත්‍යංශය වාර්ෂිකව සංවිධානය කරන ජාතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ පළාත් හා ජාතික සම්මාන ප්‍රදානෝත්සවය අද දින (20) අධ්‍යාපන අමාත්‍යංශයේ දී විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජාතික ඔලිම්පියාඩ් තරගාවලිය, විද්‍යාව, ගණිතය, තොරතුරු විද්‍යාව හා සංඛ්‍යානය යන විෂයයන් කේන්ද්‍ර කරගනිමින් අංශ ගණනාවක් ඔස්සේ පැවැත්වේ. මෙම විෂයයන් සඳහා දක්ෂතා දක්වන සිසුන් හඳුනා ගැනීම, දිරිමත් කිරීම හා විෂයානුබද්ධ දැනුම්වත්භාවය ඉහළ නැංවීම මෙන්ම අන්තර්ජාතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා ඉදිරිපත් කරන ජාතික කණ්ඩායම තෝරා ගැනීම අරමුණු කර ගනිමින් මෙම තරගාවලිය සංවිධානය කෙරේ.

2024 වර්ෂයේ පැවති විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ පළාත් හා සමස්ත ලංකා තරගවලිය ජයගත් සිසුන් 101 ක් සඳහා කුසලතා සහතිකපත් බෙදාදීම හා පදක්කම් සම්මාන ප්‍රදානය මෙහිදී සිදු කෙරිණි.

එම උත්සව සභාව ඇමැතු, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා, ඔබ මෙතැනින් නොනැවතී ලෝකය දිනන ආකාරය සැලසුම් කරන්නැයී ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

මෙම අවස්ථාවට විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරීන්, පළාත් හා ජාතික මට්ටමේ සම්මානලාභී සිසුන්, විද්‍යා ඔලිම්පියාඩ් ජාත්‍යන්තර තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කළ සිසුන්, ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz