( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2025 ජූලි මස 07 දින සඳහා කාලගුණ අනාවැකිය
2025 ජූලි මස 07 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. වයඹ පළාතේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
WEATHER FORECAST FOR 07 JULY 2025
Issued at 05.30 a.m. on 07 July 2025
Several spells of showers will occur in the Western, Sabaragamuwa and provinces and in Kandy, Nuwara-Eliya, Galle and Matara districts. A few showers may occur in the North-western province.
Showers or thundershowers may occur at a few places in the Uva province and in Ampara and Batticaloa districts during the afternoon or night.
Strong winds of about (40-50) kmph can be expected at times over Western slopes of the central hills and in Northern, North-central and North-western provinces and in Trincomalee and Hambantota districts.
The general public is kindly requested to take adequate precautions to minimize damages caused by temporary localized strong winds and lightning during thundershowers.
