22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය දැනුවත් කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඇතුළු සියලූ විශ්වවිද්‍යාල නියෝජනය කරන ආචාර්යවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් පැවති සාකච්ඡාව ජුලි 30 දින අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධව මෙහිදී අග්‍රාමාත්‍යතුමිය විසින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දැනුවත් කිරීම සිදු කළාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් සිදු කරන විෂයමාලා ප්‍රතිසංස්කරණ, ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීම, මොඩියුල් සහ ක්‍රියාකාරකම් ඇතුළු සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධව විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය සිය අදහස් පල කළේය.

එහිදී ඉදිරිපත් වූ නව යෝජනා සහ අදහස් පිළිබඳ අග්‍රාමාත්‍යතුමියගේ අවධානය යොමු වූ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ලබා දෙන නව අදහස් පිළිබඳ අග්‍රාමාත්‍යවරිය ඇගයීමට ලක් කළාය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව ඇතුළු රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී විය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz