22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

විචිත්‍ර කලා කවයෙන් මාධ්‍යවේදි සනත් ප්‍රනාන්දු ලේඛකයා ට සම්මානයක්.

ශ්‍රී ලංකාවේ කලාව සහ සංස්කෘතියේ දියුණුව උදෙසා 2021 වසරේදී ආරම්භ කරන ලද විචිත්‍ර කලා කවය කලාවේ උන්නතිය උදෙසා විවිධ වැඩසටහන් සංවිධානය කරමින් ක්ෂේත්‍රයට මහඟු සේවයක් කරන සංවිධානයකි.
එම සංවිධානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සම්මාන උළෙලවල් අතරින් 2025 වසරේ දී සම්මානයට පාත්‍ර වූයේ සාධාරණය සඟරාවේ හිටපු කර්තෘ එෆ්. සනත් ප්‍රනාන්දු ලේඛකයාය.
එෆ්. සනත් ප්‍රනාන්දු මහතාට සම්මාන පුද කිරීම විචිත්‍ර කලා කවයේ සාමාජික මහතුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කරන ලදි.
එහිදී විචිත්‍ර කලාකවයේ සභාපති ආර්.එම්. ලතීෆ් මහතා සඳහන් කළේ වාර්ෂිකව අධ්‍යාපනික සහ සංස්කෘතික වැඩසටහන්, සමරු තිළිණ සහ සම්මාන ප්‍රදානයන්, පොත් බෙදා දීම සිදුකරමින් කලාකරුවන් දිරි ගැන්වීම තම සංවිධානයේ ප්‍රධානතම අරමුණ බවයි.

සාධාරණය සඟරාවේ කර්තෘ එෆ්. සනත් ප්‍රනාන්දු මහතාට විචිත්‍ර කලා කවය සංස්කෘතික සංගමයේ සභාපතිතුමා වන ආර්. එම්. ලතීෆ් මහතා විසින් උපහාර සමරු තිළිණය පිරිනැමීම හා ග්‍රන්ථ නොමිලේ ප්‍රදානය කිරීම

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz