22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කුරුන්දි රක්ෂිතය රැක ගැනීමට ස්ථිර වැඩක් අවශ්‍යයි

කුරුන්දි බොදු උරුමය නිරන්තරයෙන් විවිධ ආක්‍රමණයන්ට ලක් වෙන රක්ෂිතයකි. දිගින් දිගටම විවිධ පිරිසගේ බලපෑම් හමුවේ විනාශ වූ අයුරු පසුගිය කාලය පුරාවටම දක්නට ලැබිණි.

නැවතත් කිසියම් පිරිසක් විසින් මෙම රක්ෂිතය මෙලෙස විනාශ කිරීමට උත්සහ කර ඇති බව උතුරු පළාත් සංඝනායක ගල්ගමුවේ සන්තබෝධි හිමියෝ පැවසූහ.

මෙම පුරාවිද්‍යා රක්ෂිත ඉඩම මේ වර්ෂයේදී කිහිපවරක්ම මෙලෙස ආක්‍රමණයනට ලක් වෙමින් විනාශ වූ බවද පවසන නාහිමියෝ පසුගිය සෙනසුරාදා මෙලෙස කිසියම් පිරිසක් විසින් ටැක්ටර් යොදා මෙලෙස රක්ෂිතය විනාශ කර ඇති බවත් පැවසූහ.

මේ සම්බදයෙන් මේ වන තුරු කිසියම් පැමිණිල්ලක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කර නොතිබීම කණගාටුවට කරුණක් බවත් මෙලෙස නිරන්තරයෙන් පුරාවිද්‍යා මායිම් උල්ලංඝනය වන්නේ ස්වභාවික වැටක් නොමැති කමින් බවත් පුරාවිද්‍යා රක්ෂිතය ස්ථිරව රැකගැනීමට රුක් රෝපණ වැඩසටහනක් ද දියත් කිරීමට නියමිත බව නාහිමියන් විසින් වදාළහ.

අශන්ති වරුණසූරිය.

(Lankadeepa Online Fb පිටුවෙන්)

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz