04.12.2025 Weather Forecasts – කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு

( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. ) 

2025 දෙසැම්බර් මස 04 දින සඳහා කාලගුණ අනාවැකිය
2025 දෙසැම්බර් මස 04 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

WEATHER FORECAST FOR 04 DECEMBER 2025
Issued at 05.30 a.m. on 04 December 2025

Several spells of showers will occur in Northern, North-Central, Eastern and Uva provinces and in Hambantota and Matale districts.Showers or thundershowers will occur in the other areas of the island after 1.00 p.m. Fairly heavy falls about 75 mm are likely at some places in Western and Sabaragamuwa Provinces.

Misty conditions can be expected at some places in Western, Central, Sabaragamuwa, Uva and North-central provinces and in Kurunegala and Vavuniya districts during the early hours of the morning. The general public is kindly requested to take adequate precautions to minimize damages caused by temporary localized strong winds and lightning during thundershowers.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *