කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය යනු කොළඹ දිස්ත්‍රික්කය තුල සියලු විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ නියැලෙන මාධ්‍යවේදීන්ගේ සාමාජිකත්වයෙන් සැදුම්ලත් නීත්‍යානුකූල ලියාපදිංචි සංගමයකි.
රටේ පොදු මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් දින 365 පුරාවට මහත් කැපවීමෙන් වෙහෙසකර ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදෙමින් සේවය කරන මාධ්‍යවේදීන්ගේ සුභසාධන වැඩසටහනක් ලෙස සිව්වෙනි වරටත් සංවිධානය කරනු ලබන සුහද සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය හා සුහද හමුව එළැඹෙන 2026 ජනවාරි 25 දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අංගම්පිටිය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතී.
ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගිත්වයෙන් , පක්ෂ විපක්ෂ දේශපාලන නායකයින් සංවිධාන හා ආයතන වල සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් ආරම්භක සමාරම්භක උත්සවය පැවැත්වේ
පහත සඳහන් කණ්ඩායම් 06 තරගාවලිය සඳහා සහභාගී වේ
Colombo Lions , Colombo Eagles , Colombo Riders ,
Colombo Royals , Colombo Stallions , Colombo Rangers
ජය සංකේත ප්‍රදානය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හා අනුග්‍රාහක ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදුකිරීමට නියමිතයි
