( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2026 අප්‍රේල් මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 අප්‍රේල් මස 20 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ දකුණ පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
WEATHER FORECAST FOR 20 APRIL 2026
Issued at 05.30 a.m. on 20 April 2026.
Showers or thundershowers will occur at most places of the island after 1.00 pm.
Fairly heavy falls above 75 mm are likely at some places in Western, Sabaragamuwa, Central, North- central and Southern provinces and in Kurunegala district.
Misty conditions can be expected at some places in Western, Sabaragamuwa, Central and Uva provinces and in Galle and Matara districts during the early hours of the morning.
The general public is kindly requested to take adequate precautions to minimize damages caused by temporary localized strong winds and lightning during thundershowers.
