ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අඩු පිරිවැය පෞද්ගලික ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, පසුගිය ජුනි 19දා කොළඹ සහ අහමදාබාද් අතර ඍජු ගුවන් මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කරමින්, එම නගර දෙක අතර නොනවතින ගුවන් සේවාවන් පිරිනමන එකම ගුවන් සේවය බවට පත්ව තිබේ. සතියකට තෙවතාවක් ක්‍රියාත්මක වන මෙම නව සේවාව ඔස්සේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියාව අතර ඇති සම්බන්ධතාවය ශක්තිමත් කරන අතර, ව්‍යාපාරික මගීන් සහ විවේක සුවය සඳහා සංචාරය කරන්නන් හට සුවපහසු සේවාවක් ද ලබා දෙයි.
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙහි ප්‍රමුඛතම වාණිජ මධ්‍යස්ථානයක් වන අහමදාබාද් නගරය, සංචාරක, වෙළඳාම සහ ආයෝජන ක්ෂේත්රයන් හි ඉහළ වටිනාකමක් සහිත වෙළඳපොළකි. මෙම නව ගුවන් මාර්ගය ඔස්සේ ගමනාන්ත දෙක අතර ව්‍යාපාරික සහ සංස්කෘතික හුවමාරුව සඳහා නව අවස්ථාවන් නිර්මාණය කරමින්, ඍජු ගුවන් ගමන් සඳහා වර්ධනය වන ඉල්ලුමට ද මනා සහායක් සපයයි.
නවතම ගුවන් මාර්ගය දියත් කිරීම FitsAir හි උපායමාර්ගික දැක්මෙහි තවත් වැදගත් පියවරක් සනිටුහන් කරන අතර, නම්‍යශීලි සහ දැරිය හැකි පහසු මිලක් මත පදනම් වූ ගුවන් මෙහෙයුම් හරහා කලාපීය සබඳතාවය වැඩිදියුණු කර ගැනීමට සමාගම දක්වන කැපවීම ද පිළිබිඹු වේ.
මෙම දියත් කිරීමේ අවස්ථාව සැමරීම සඳහා පැවති උත්සවයට FitsAir හි සංචාරක හ වෙළඳ අංශය, Walker’s Tours, Cinnamon Hotels & Resorts සහ Cinnamon Life City of Dreams හි නියෝජිතයින් රැසක් ද එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ FitsAir හි විධායක අධ්යක්ෂ අම්මාර් කාසීම් මහතා මෙසේ පැවසීය. ‘‘මෙම ආරම්භය හුදෙක්ම ගුවන් තොටුපළවල් දෙකක් අතර සිදු කෙරෙන ගුවන් ගමනකින් ඔබ්බට යන හවුල්කාරීත්වය වර්ධනය කරන අවස්ථාවක් වේ. කොළඹ සහ අහමදාබාද් අතර නොනවතින ඍජු ගුවන් සබඳතාවයක් ආරම්භ කිරීමට හැකි වීම අප ලද සුවිශේෂී ජයග්‍රහණයකි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තය අතර සංචාරක, වෙළඳ සහ ආර්ථික සහයෝගීතාවය සඳහා සුවපහසුවෙන් යුතු සංචාරක අත්දැකීමක් ලබා දීම අපගේ අරමුණයි’’
FitsAir ගුවන් සමාගමේ නිල වෙබ් අඩවිය වන www.fitsair.com මගින් හෝ බලයලත් සංචාරක නියෝජිතයින් මගින් හෝ ප්‍රවේශ පත්‍ර කාර්යාලය මගින් ගුවන් ටිකට්පත් වෙන් කරවා ගැනීමට දැන් හැකියාව පවතී.

වමේ සිට; FitsAir හි අලෙවිකරණ හා සන්නිවේදන අංශ ප්‍රධානී ෂාෆියා කරීම්, FitsAir හි වැඩබලන ප්‍රධාන වාණිජ නිලධාරී නජාත් සුරුබා, Cinnamon Hotels & Resorts හි ජ්‍යොෂ්ඨ උප සභාපති කමල් මුණසිංහ, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි ජ්‍යොෂ්ඨ උප සභාපති නාලක අමරතුංග, Cinnamon Hotels & Resorts හි වාණිජ අංශ ප්‍රධානී Victoria Fuh, Cinnamon Life at City of Dreams හි අලෙවි කළමනාකාරිනී අනුපමා රණසිංහ සහ FitsAir හි විධායක අධ්යක්ෂ අම්මාර් කාසීම් යන මහත්ම මහත්මීන්
FitsAir පිළිබඳව
FitsAir යනු කලාපීය සහ ජාත්‍යන්තර ගමනාන්ත හරහා මගී සහ භාණ්ඩ ප්‍රවාහන සේවා සපයන ශ්‍රී ලංකාවේ පළමු පුද්ගලික හිමිකාරීත්වය සහිත ගුවන් සේවයයි. ආරක්ෂාව, විශ්වසනීයත්වය සහ පාරිභෝගික-නැඹුරු සේවාව කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා ගුවන් සේවය පිළිගැනීමට ලක්ව තිබේ. FitsAir ගුවන් සමාගම, ශ්‍රී ලංකාව සහ දකුණු ආසියාව සහ මැදපෙරදිග පුරා ප්‍රධාන වෙළඳපොළවල් අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට අඛණ්ඩව සිය සේවාව සපයනු ලබයි.
