ජාතික නිදහසින් පසු මෙරට බිහිවූ දැ ප්‍රථම හා මානව දැතින් නිර්මාණය වූ විශාලතම වාරි ව්‍යාපෘතිය ඉඟිනියාගල සේනානායක සමුද්‍රයයි. එවකට අගමැති ඩී. එස්. සේනානායක මහතාගේ සංකල්පයක් අනුව නැගෙනහිර ආර්ථික පුනර්ජීවනයේ පියවරක් වූ එය ගොවිතැන නගා සිටුවීමේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය ද විය. එහි එක් පියවරක් වූයේ 1960 වසරේදී රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස ගල්ඔය සීනි කර්මාන්තශාලාව ආරම්භ යි. 1996 වසර දක්වාම ප්‍රදේශයේ දියුණුව මෙන්ම ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමේ සුවිසල් මෙහෙයවරක නියුතු වූ එය මෙරට ආර්ථිකයේද සුවිශේෂී සාධකයක් විය. 1996 වසරේදී විවිධ හේතු මත වැසී යාමට ලක් වූ සීනි කර්මාන්තශාලාව නැවත 2006 වසරේදී නැගෙනහිර නවෝදය සංවර්ධන වැඩපිලිවෙල යටතේ රාජ්‍ය – පෞද්ගලික සහයෝගීතා ප්‍රයත්නයක් ලෙස ආරම්භ කෙරුණේ දිගාමඩුලු ජනතාවගේ හදවත් තුල නව බලාපොරොත්තුවක් රෝපණය කරමිනි. ඒ අනුව එහි 51%ක අයිතිය රජය සතුවූ අතර 49%ක් Browns සහ LOLC සමාගම් සතු විය.
ගරා වැටී සීනි කර්මාන්ත ශාලාව නව සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකින් පසු යතා ත්ත්වයට පත් කිරීම සඳහා කැපවී කටයුතු කළ ගල් ඔය වැවිලි සමාගම යටිතල පහසුකම් දියුණු කරමින් නව්‍ය තාක්ෂණය කර්මාන්ත ශාලාව වෙත ඒමටද කටයුතු කරනු ලැබීය. ඒ ආකාරයෙන් වර්තමානයට ගැලපෙන අයුරින් කර්මාන්තශාලා පහසුකම් වැඩි දියුණු කළ ඔවුන් ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපායන් ඉහළ නැංවීමට කටයුතු කරනු ලැබුවේ ඍජු හා වක්‍ර රැකියා සිය ගණනක් නිර්මාණය කරමිනි. ඒ අයුරින් නැගෙනහිර සංවර්ධනයේත්, දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේත් ගමන ඇරඹූ ගල්ඔය වැවිලි සමාගම අද වන විට නැගෙනහිර පළාතේ දැවැන්තම කර්මාන්ත ව්‍යාපෘතිය සිදු කරන සේවාව අති මහත්ය.
දේශීය ආර්ථිකය වෙනුවෙන් ශක්තිමත් දායකත්වයක්
දෙදහසකට ආසන්න පිරිසක් වෙත ඍජු හා වක්‍ර රැකියා උදා කර දී ඇති ගල්ඔය වැවිලි සමාගම උක් වගාකරන ගොවි පවුල් 1500කට වැඩි පිරිසකගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමෙහිලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන්නේ අඛණ්ඩව නිසි මිලක් යටතේ ඔවුන්ගේ උක් අස්වැන්න මිලදී ගැනීමට කටයුතු කරමිනි. ඒ අනුව 1225කට වැඩි ඍජු සේවක පිරිසකට හා 60,00කට වැඩි වක්‍ර සේවක පිරිසකට අත්වැලක් වී සිටින ගල්ඔය වැවිලි සමාගම 2007 වසරේ සිට සිය සේවකයින් සඳහා වැටුප් හා දීමනා ලබා දෙමින් ඔවුන්ගේ ජීවිකාවන් නගා සිටුවීමට කටයුතු කර ඇත. ඒ සඳහා මෙතෙක් ලබා දී ඇති මුදල රුපියල් මිලියන 9,235කි.
උක් අස්වැන්න මිලදී ගැනීම පමණක් නොව උක් වගාව සඳහා අවශ්‍ය උක් බීජ, පොහොර, දැනුවත් කිරීම් ඇතුලු ගොවීන්ගේ අවශ්‍යතා සපුරාලීමට ඔවුන් කටයුතු කර ඇත. ප්‍රදේශයේ ආර්ථික ශක්තිය ඉහළ නැංවීමට මෙන්ම රටේ විදේශ විනිමය සුරැකීමට සහ රාජ්‍ය බදු ආදායම් ඉහළ නැංවීමට කර්මාන්තශාලාව ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන්නකි. දේශීය ආයතනයක් ලෙස රටට අවශ්‍ය සීනි රට තුලම නිෂ්පාදන කරමින් සීනි ආනයනය සඳහා යන වියදම අවම කිරීමට කටයුතු කර ඇති සමාගම සෞඛ්‍යයට හිතකර පිරිසිදු සීනි නිෂ්පාදනයක් මෙරට පාරිභෝගිකයා වෙත ලබා දීමටද කටයුතු කර ඇත.
ඊට අමතරව ප්‍රදේශයේ උක් ගොවීන්ගෙන් අස්වැන්න මිලදී ගනිමින් එම ගොවීන් වෙත රුපියල් මිලියන 23,462ක මුදලක් ලබා දීමට ගල් ඔය වැවිලි සමාගම කටයුතු කර ඇත්තේ ගොවි පවුල් 10,000කගේ දියුණුවට අත්වැලක් වෙමිනි. තවද අස්වනු නෙලීමේ ගෙවීම්, උක් අස්වැන්න ප්‍රවාහනය, වගා යටිතල පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 14,207ක මුදලක් සමාගම විසින් ගෙවා තිබීමද විශේෂත්වයකි.
නවීන තාක්ෂණය, තිරසාර බව සහ අතුරු නිෂ්පාදන
නවීනතම තාක්ෂණය උපයෝගී කරගනිමින් සීනි නිෂ්පාදනය සිදු කෙරෙන මෙම කර්මාන්තශාලාවේ ක්‍රියාකාරීත්වයෙන් ජනනය වන විදුලිය උපයෝගී කරගනිමින් සමස්ත ප්‍රදේශයටම විදුලි බලය ලබා දීමට ද කටයුතු කරයි. මීට අමතරව, සීනි නිෂ්පාදන ක්‍රියාවලියේ අතුරු ප්‍රතිඵලයක් වන මොලෙසස්, ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් එතනෝල් නිෂ්පාදනය සඳහා යොදා ගනිමින් සීනි නිෂ්පාදනයේ අතුරු ඵලයක් ආර්ථික සාධකයන් බවට පත් කිරීමට ඔවුන් පියවර ගෙන ඇත.
තවද නිෂ්පාදනයේදී මුදා හරිනු ලබන කාබන්ඩයොක්සයිඩ් පරිසරයට එක්වීමට ඉඩ නොදී ගබඩා කර ගනිමින් ඒවා නැවත රටේ ආර්ථිකයට දායක කර ගත හැකි කාබනීකෘත බීම නිෂ්පාදනය වැනි කර්මාන්තයන් සඳහා යොදා ගැනීමට ගල්ඔය වැවිලි සමාගම අවස්ථාව සලසා දී තිබේ.
කර්මාන්තශාලාවෙන් ඉවතලන ද්‍රව්‍ය පවා අපතේ යාමට නොදී, ඒවායින් උසස් තත්ත්වයේ කාබනික පොහොර නිෂ්පාදනය කර සහන මිලට ගොවි ජනතාව වෙත ලබා දීමට ද කටයුතු කර තිබීමද මෙහි ඇති තවත් විශේෂත්වයකි. 2018 වසරේ සිට මේ දක්වා ජෛව කොම්පෝස්ට් මෙටි්‍රක් ටොන් 25,358 ක් නිෂ්පාදනය කරමින් පරිසර සමතුලිතතාව රැක ගැනීමට ගල්ඔය වැවිලි සමාගම දායක වී ඇත. එමෙන්ම නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ජලය අපතේ යාමට නොදී නැවත නැවතත් කර්මාන්ත කටයුතු සඳහා යොදා ගැනීම තුලින් ගල් ඔය වැවිලි සමාගම පාරිසරික වශයෙන් දක්වන වගකීම් සහගත දායකත්වය පැසසිය යුතුය.
හරිත කර්මාන්ත සංකල්පයක් තුලින් පාරිසරික සුරක්ෂිතතාව අගය කරමින් ඉහළ කර්මාන්ත ප්‍රමිතීන් අනුව සියලු නිෂ්පාදන සිදු කිරීමට නිරන්තරයෙන් කටයුතු කරන ඔවුන් ආර්ථික වශයෙන් පමණක් නොව පාරිසරික වශයෙන්ද ප්‍රදේශයේ ජනතාවට සුවිසල් මෙහෙවරක් ඉටු කරනු ලබන්නේ වගකීම් සහගත කර්මාන්තකරුවකුගේ කැපවීම මනාව ප්‍රකට කරමිනි.
මේ අනුව සැලකීමේදී ගෙවුණු කෙටි කාලය තුළ ගල් ඔය වැවිලි සමාගම විසින් මෙරට ආර්ථිකයට මෙන්ම දිගාමඩුල්ලේ ජන ජීවිතයට එක් කර ඇති ශක්තිය අති මහත්ය. නව්‍ය තාක්ෂණය කර්මාන්තය වෙත හඳුන්වා දෙමින් දේශීය නිෂ්පාදනයේ නව මානයන් විවර කිරීමට කටයුතු කර ඇති ගල්ඔය වැවිලි සමාගම දේශීය සමාගමක් ලෙස ඉදිරියේදී තව තවත් සිය හැකියාවන් තුලින් මෙරට ආර්ථිකයට ශක්තියක් වනු නිසැකය. ඒ හරහා නැගෙනහිර නැගෙනහිරු ලෙස තමන් ලබා ඇති අභිමානය නැවත නැවතත් විදහා දක්වන්නට ගල්ඔය වැවිලි සමාගමට හැකි වනු ඇත.
