22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

CBL සමපෝෂ, පළාත් පාසල් ක්‍රීඩා උළෙල වසර දහයක් පුරා අඛණ්ඩව බලගන්වමින්, සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි

පෝෂණය සහ ක්‍රීඩාව තුළින් ශ්‍රී ලංකාවේ ආනාගත පරපුර සවිබල ගන්වමින් ‘දිනන දරුවෝ’ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෝෂණීය ධාන්‍යමය ආහාර සන්නාමය වන CBL සමපෝෂ, පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස අඛණ්ඩව 10 වැනි වසරටත් සිය දායකත්වය ලබාදෙමින්, පාසල් දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් වර්ධනය කරමින්, ශ්‍රී ලාංකීය දරුවන් අතර සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රියාශීලී ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම සඳහා දක්වන තම දිගුකාලීන කැපවීම නැවත වරක් විදහා දක්වයි.
CBL සමපෝෂ බලගන්වමින්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් සංවිධානය කරනු ලබන 2026 පළාත් පාසල් ක්‍රීඩා උළෙල, බස්නාහිර, උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව, දකුණ සහ සබරගමුව යන පළාත් හත කේන්ද්‍ර කර ගනිමින් ජූලි මස 21 වැනිදා ආරම්භ කිරීමට නියමිතය. පාසල් 3,500කට අධික සංඛ්‍යාවකින් 35,000කට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක්, ක්‍රීඩා ඉසව් 70ක් සඳහා මෙවර සහභාගී වීමට නියමිත අතර එහි ජයග්‍රාහී පාසල් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් කුසලාන, සහතිකපත් සහ පදක්කම් පිරිනමනු ලබයි.
CBL සමපෝෂ 2026 පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ සමාරම්භය සනිටුහන් කරමින් උතුරු මැද පළාත් පාසල් ක්‍රීඩා උළෙල අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී ලබන ජූලි මස 21 වනදා ආරම්භ කෙරෙන අතර, එය ජූලි 24 වැනිදායින් අවසන් වේ. ඌව පළාත් පාසල් ක්‍රීඩා උළෙල, බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදී ජූලි මස 31 වනදා සිට අගෝස්තු මස 04 වනදා දක්වා පැවැත්වේ.
දකුණු පළාත් පාසල් ක්‍රීඩා තරඟ ගාල්ල, දඩැල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේදී අගෝස්තු මස 04 වැනිදා සිට 07 දක්වා පැවැත්වෙන අතර, වයඹ පළාත් පාසල් ක්‍රීඩා උළෙල වෙන්නප්පුව ඇල්බට් එෆ් පීරිස් ක්‍රීඩාංගනයේදී, සැප්තැම්බර් මස 08 වැනිදා සිට 11 දා දක්වා පැවැත්වෙනු ඇත.
බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරඟ, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී සැප්තැම්බර් මස 07 වැනිදා සිට 10 දක්වා පැවැත්වෙනු ඇත. නැගෙනහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙල, මඩකලපුව වෙබර් ක්‍රීඩාංගනයේදී සැප්තැම්බර් මස 09 වැනිදා සිට 13දා දක්වා පැවැත්වීමට නියමිතය.
CBL සමපෝෂ 2026 පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ අවසාන අදියර වන සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා තරඟ, ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේදී සැප්තැම්බර් මස 11 වැනිදායින් ආරම්භ වී 15 වැනිදායින් අවසන් වේ.
පළාත් පාසල් ක්‍රීඩා උළෙල යනු සමපෝෂ ‘දිනන දරුවෝ’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ප්‍රධානතම අංගයක් වන අතර එය දරුවන්ගේ පෝෂණය, ක්‍රීඩාව, අධ්‍යාපනය, නිර්මාණශීලීත්වය, නායකත්වය මෙන්ම යහපත් ගුණාංගවලින් පිරිපුන් විශිෂ්ට අනාගත පරපුරක් බිහි කිරීම අරමුණු කරගනිමින්, දරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන වැඩසටහනකි. සෑම ජයග්‍රාහී දරුවෙකුගේම ආරම්භය නිසි පෝෂණය, සෞඛ්‍ය සම්පන්න පුරුදු සහ තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට ලැබෙන අවස්ථාවන් බව ‘දිනන දරුවෝ’ වැඩසටහනෙහි විශ්වාසයයි. දරුවන් ආත්මවිශ්වාසයෙන්, විනයගරුකව සහ පරිපූර්ණ පෞරුෂයකින් යුත් පුද්ගලයන් ලෙස වර්ධනය කරමින්, රටේ දියුණුවට අර්ථවත් දායකත්වයක් ලබාදිය හැකි පුරවැසියන් බවට පත් කිරීම වෙනුවෙන් සමපෝෂ දක්වන අඛණ්ඩ කැපවීම මේ තුළින් මැනවින් පෙන්නුම් කරයි.
මේ පිළිබඳ අදහස් දක්වමින්, CBL ආහාර අංශයේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී මංජුල දහනායක මහතා මෙසේ පැවසීය. ”වර්තමාන දරුවන් හෙට දවසේ නායකයන් බවට පත් වෙන බව CBL හි අපගේ විශ්වාසයයි. සමපෝෂ ‘දිනන දරුවෝ’ වැඩසටහන හරහා, නිසි පෝෂණයෙන් සවිබල ගැන්වුණු දරුවන් පමණක් නොව, ක්‍රියාශීලී මෙන්ම ආත්මවිශ්වාසයක් සහිතව සහ අනාගතයේ නායකත්වය දැරීමට අවශ්‍ය ගුණාංගවලින් බලගැන්වුන දරු පරපුරක් බිහිකිරීමට අපි කැපවී කටයුතු කරනවා. විනය, කණ්ඩායම් හැඟීම, අභියෝග සඳහා මුහුණදීමේ ශක්තිය, ආත්ම විශ්වාසය සහ යහපත් ගුණාංග වර්ධනය කිරීම සඳහා ක්‍රීඩාව ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනවා. පළාත් පාසල් ක්‍රීඩා උළෙල සමඟ අප පවත්වනු ලබන මෙම අඛණ්ඩ සහයෝගීතාවය තුළින් පිළිබිඹු වන්නේ, ක්‍රීඩා පිටිය තුළදී මෙන්ම ඉන් පිටතදී ද ජයග්‍රහණ කරා යාමට ශ්‍රී ලාංකීය තරුණ පරපුරට අවශ්‍ය අවස්ථාවන් සලසා දෙමින්, ඔවුන්ව සවිබල ගැන්වීම සඳහා අප අඛණ්ඩ දක්වන කැපවීමයි. දේශීය ධාන්‍ය වර්ග සපයා ගැනීම උදෙසා මෙරට ගොවි පවුල් 28,000කට වැඩි පිරිසක් සම්බන්ධ කරගනිමින් CBL සමූහ ව්‍යාපාරය ක්‍රියාත්මක කරනු ලබන ‘ගොවි පවුල’ කෘෂි ව්‍යාපෘතිය හරහා මෙම අරමුණ තවදුරටත් ශක්තිමත් වෙනවා. මෙලෙස රටේ ගොවි ජනතාව සවිබල ගන්වමින්, ගුණාත්මක පෝෂණයෙන් පිරි නිෂ්පාදන පාරිභෝගිකයා වෙත සමීප කිරීම තුළින් සමස්ත ගොවි ප්‍රජාවට මෙන්ම රටේ අනාගත දරු පරපුරට ද තිරසර ප්‍රතිලාභ අත්කර දීමට CBL ආයතනය කටයුතු කරනවා.”
ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩා ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා අඛණ්ඩව සිදුකරන ආයෝජන සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සමඟ පවත්වාගෙන යන සමීප සහයෝගීතාව තුළින්, තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනකට සිය දක්ෂතාවයන් හඳුනාගැනීමට, ඉහළම පළාත් මට්ටමේ තරඟාවලි සඳහා සහභාගී වීමට සහ ක්‍රීඩාව තුළින් වැඩිදියුණු කෙරෙන විනය, අභියෝග ජයගැනීමේ හැකියාව, කණ්ඩායම් හැඟීම සහ ආත්මවිශ්වාසය ගොඩනගා ගැනීමට CBL සමපෝෂ අවස්ථාවන් නිර්මාණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්. එම්. ක්‍රිෂාන් දුමින්ද මහතා මෙසේ පැවසීය. ” පාසල් දරුවන්ගේ කුසලතා වර්ධනය කිරීමට, ඔවුන්ගේ ශාරීරික හා මානසික යහපැවැත්ම වැඩිදියුණු කිරීමට සහ ඔවුන්ගේ දක්ෂතාවන් ජාතික තලය දක්වා ඔසවා තැබීමට අවශ්‍ය මූලික පදනම සකස් කර දීමට පසුගිය වසර දහයක කාලයක සිට CBL සමපෝෂ විසින් ලබා දුන් සුවිසල් දායකත්වය අප ඉතා අගය කොට සළකනවා.”

CBL සමූහය පිළිබඳව:
1968 වසරේදී ආරම්භ කරන ලද CBL සමූහය, ශ්‍රී ලංකාවේ විශාලතම සහ විවිධාංගීකරණය වූ ආහාර නිෂ්පාදන සමූහ ව්‍යාපාර අතරින් එකක් වන අතරය එය බිස්කට්, ධාන්‍යමය ආහාර, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ පහසුවෙන් සකසා ගත හැකි ආහාර නිෂ්පාදන කාණ්ඩයන් තුළ ශක්තිමත් පැවැත්මක් දේශීය වෙළෙඳපොළ තුළ හිමිකරගෙන ඇත. ශ්‍රී ලංකාවට අමතරව ඝානාව සහ ඉන්දුනීසියාව යන රටවල තම උසස් තත්ත්වයේ නිෂ්පාදන මෙහෙයුම් පවත්වාගෙන යනු ලබන CBL සමූහයේ නිෂ්පාදන සන්නාම ලොව පුරා රටවල් 70කට අධික සංඛ්‍යාවක් වෙත ළඟා වෙමින්, ගෝලීය වෙළෙඳපොළේ මිලියන සංඛ්‍යාත පාරිභෝගිකයන් එහි විශ්වාසය දිනාගෙන තිබේ. සිය විශ්වසනීය සන්නාම සහ උසස් තත්ත්වයේ ආහාර නිෂ්පාදන තුළින් පාරිභෝගික ආකර්ෂණය දිනා ගනිමින් නවෝත්පාදනය, තිරසර වර්ධනය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සිය ව්‍යාප්තිය තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට CBL සමූහය කටයුතු කරයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz