22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

2027 වසර සඳහාත් චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙසපාසල් නිල ඇඳුම් රෙදි ලබාදීම සඳහා සහතිකපත් හුවමාරු කෙරෙයි.

ශ්‍රී ලංකාවේ රජයේ පාසල්, රජයේ ආධාර ලබන පාසල් සහ රජයේ අනුමත පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සිසුන් හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සඳහා 2027 වර්ෂයට අදාළව අවශ්‍ය වන පාසල් නිල ඇඳුම් රෙදි චීන මහජන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ලබා දීම සඳහා වන සහතිකපත් හුවමාරු කර ගැනීමේ අවස්ථාව 2026.07.15 දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය යටතේ 2027 වර්ෂය සඳහා සිසුන් මිලියන 4.18කට ආසන්න පිරිසකගේ නිල ඇඳුම් අවශ්‍යතාව සපුරාලීම සඳහා රෙදි මීටර් මිලියන 10.820ක ප්‍රමාණයකින් යුත් රෙදි තොගයක් චීන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට නියමිතය.

මෙහිදී දෙරට අතර එකඟතාවය තහවුරු කරගනිමින් සහතිකපත් හුවමාරු කරගැනීම ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Qi Zhenhong මහතා සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා අතර සිදුවිය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කටයුතු භාර උපදේශකතුමා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz