22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

වවුනියාව–මන්නාරම විදුලි ගැටළු විසඳීමට විශේෂ සාකච්ඡාවක්

වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාව මුහුණ දෙන විදුලිබල සම්බන්ධ ගැටළු පිළිබඳව සොයාබැලීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (18) වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලයස් මහතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණි.
මෙහිදී වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 934ක් තවමත් විදුලිබල පහසුකම් නොමැති බව අනාවරණය වූ අතර, එම පවුල් සඳහා කඩිනමින් විදුලිය ලබාදීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස අවධානය යොමු කෙරිණි.
එමෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ කුංජිකුලම් ප්‍රදේශය මල්වතු ඔය පිටාර ගැලීම හේතුවෙන් ජලයෙන් යටවීමත් සමඟ සති ගණනක් විදුලි සැපයුම අත්හිටුවී ඇති අතර, ඒ හේතුවෙන් පවුල් 350කට ආසන්න පිරිසක් දැඩි පීඩාවකට ලක්ව ඇති බව ද මෙහිදී හෙළි විය. ඔවුන්ට සිදුව ඇති අපහසුතාවයන් අවම කරගැනීම සඳහා ඉදිරියේදී ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කර තිබුණි.
තවද දිස්ත්‍රික්ක දෙකෙහිම පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම, විදුලිය ගබඩා කිරීම සඳහා බැටරි පද්ධති ස්ථාපිත කිරීම සහ සුළං විදුලි බලාගාර ඉදිකිරීම් වේගවත් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.
මෙම අවස්ථාව සඳහා විදුලි බල මණ්ඩලයේ වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු එම්. දයාබරන් මහත්මිය, වවුනියාව අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්. කමලදාසන් මහතා, විදුලි ඉංජිනේරුවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
මෙම සාකච්ඡාව හරහා ජනතාවට ස්ථාවර සහ විශ්වාසදායක විදුලි සැපයුමක් ලබාදීම සඳහා ඉදිරියේදී වැඩි දියුණු කළ ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz