22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

මන්ද­පෝ­ෂ­ණය මඬින්න ප්‍රංශ­යෙන් රු. කෝටි 17ක්

ශ්‍රී ලංකාවේ ළමයින් අතර මන්දපෝෂණය වැළැක්වීමට සහ ඒ සඳහා ප්‍රතිකාර කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වීම වෙනුවෙන් රු. කෝටි 17ක (රු. මිලියන 174) හෙවත් යුරෝ 500,000ක මුදලක් පරිත්‍යාග කිරීමට ප්‍රංශ රජය තීරණය කර තිබේ.

යුනිසෙෆ් සංවිධානය හරහා මේ මුදල ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කරන යුනිසෙෆ් ආයතනයට, මෙම දායකත්වය මගින් වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට අවශ්‍ය පෝෂණ සේවා සැපයීමට හැකියාව ලැබේ. තීව්‍ර මන්දපෝෂණය වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම පිළිබඳවත් දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනය සහ සංවර්ධනය සහතික කිරීම සඳහා අනුගමනය කළයුතු නිවැරදි පිළිවෙත් පිළිබඳවත් දෙමාපියන් සහ භාරකරුවන් දැනුවත් කරන බවද යුනිසෙෆ් සංවිධානය පවසයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz