22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ දී සිංහ සාමාජිකයින් සහ කලාකරුවන් ලෝක ළමා දිනය සමරයි

කොළඹ සෙරන්ඩිබ් සිංහ සමාජය සංවිධානය කරනු ලැබූ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ වාර්ෂික ලෝක ළමා දින සැමරුම් උළෙල 306 C1 දිස්ත්රික්කයේ සිංහා ධිපති සිංහ පන්ථක දාබරේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘති සභාපති සිංහ සලීම් මොහොමඩ් මැතිතුමා ප්‍රමුඛ  සිංහ සාමාජිකයින් සහ කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.

වසර ගණනාවක් සිට රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ ලෝක ළමා දින උත්සවය සිංහ සමාජය විසින් අඛණ්ඩව සිදු කරන ලද අතර මෙහිදී විවිධ රෝග පීඩාවන්ට ලක්ව සිටි සියළුම නේවාසික දරුවන් සදහා වීදි නාට්‍ය කණ්ඩායමක් සහ කලාකරුවන් කිහිප දෙනෙකු ළමා ගීත ගායනා කරමින් වාට්ටුවෙන් වාට්ටුවට ගොස් තෑගි ප්‍රදානය කරන ලදී.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz