22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ඇමරිකානු ihub මඩකලපුවේදී විවෘත කෙරේ!

බුහාරි මුහම්මද් අබ්රාරි (සමස්ත ලංකා සම්බන්ධිකාරක)

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි ජුන්ග් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඇමරිකානු ihub අද (15) මඩකලපුව කල්ලඩි ප්‍රදේශයේදී විවෘත කෙරිණි.

උසස් අධ්‍යාපනය සම්පූර්ණ කල සිසුන්ට අධි තාක්‍ෂණික ඉගෙනීමේ කුසලතා වර්ධනය කිරීම ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කිරීම, විශේෂයෙන්ම තරුණ තරුණියන්ට විදේශගත වීමට ශිෂ්‍යත්ව ලබා දීම වැනි විවිධ වර්ධනයන් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම මධ්‍යස්ථානය විවෘත කර ඇත.

මෙම අවස්ථාවට ඇමෙරිකානු තානාපති කාර්යාල ප්‍රධානීන්, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස් රත්නායක, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz