22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

රවීගේ පත්කිරීම නිසා සිලින්ඩරේ ජාතික ලැයිස්තුව අර්බුදයක්

තම සන්ධානයට ලැබුණු මන්ත්‍රීධුර දෙක සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තලතා අතුකෝරල මහත්මියත් පොදුජන පෙරමුණෙන් කංචන විජේසේකර මහතාත් පත් කිරීමට යෝජනා වී තිබූ පසුබිමක නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා එම පක්ෂයේ මහලේකම්වරිය රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යෝජනා කිරීම සම්බන්ධව අවසන් තීරණය හෙට ගැනීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසයි.

“ප්‍රධාන වශයෙන් ඒ කාරණය ගැන අද එක්සත් ජාතික පක්ෂයේ අපේ සාකච්ඡාවේදී පැන නැගුණා. මේ පිළිබඳ අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග අනෙකුත් දේශපාලන පක්ෂ සාකච්ඡා කරමින් තිබුණා. ඒ සාකච්ඡා කරමින් තිබෙන අතරතුරේදී එක්සත් ජාතික පක්ෂය නොදැනුවත්ව එතුමාගේ නම සිලින්ඩරේ හිමි දේශපාලන පක්ෂයෙන් ඉදිරිපත් කළා කියලා දැනගන්නට ලැබිලා තියෙනවා. 

එතකොට ඒක ගැසට් නිවේදනයට යැව්වායි කියලා අපිට දැනගන්නට ලැබිලා තියෙනවා. පක්ෂය හැටියට අපි කල්පනා කලේ මේ නියෝජනයට එක්කෝ තලතා අතුකෝරල මැතිනිය යවන්න. ඒ පිළිබඳ සාකච්ඡා කරමින් තිබුණේ. ඒ ගැන නිසි තීරණයක් ගැනීමට ප්‍රථම මෙවැනි කාරණයක් සිදුවෙලා තියෙනවා. ඒක එක්සත් ජාතික පක්ෂය හැටියට ගත්තොත් අපේ පක්ෂ ව්‍යවස්ථාවේ 3/3 වගන්තියේ සහ 3/4 වගන්තියේ සහ 9/7 වගන්තියේ සහ 13/7 සහ 13/8 වගන්ති උල්ලංඝනය වීමකුයි සිදුවෙලා තියෙන්නේ.

ඒ නිසා මේ ප්‍රශ්නය පිළිබඳව අපි කණ්ඩායමක් විදිහට එකට ක්‍රියාකරලා තියෙන නිසා හෙට උදේ 10.00ට අනෙක් දේශපාලන පක්ෂ සමගත් සාකච්ඡා කරලා අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. මේ පත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කිසිවක් දැන නොසිටි බව ප්‍රකාශ කරන්න කැමතියි. එක්සත් ජාතික පක්ෂය හැටියට අපේ යෝජනාව සාකච්ඡා වෙමින් තිබුනේ තලතා අතුකෝරල මැතිනිය පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියලායි.”

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz