22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය අද(16) මහනුවරදී

අද ( 16 ) පෙ.ව 09.04ට යෙදෙන සුබ මොහොතින් මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වීමට නියමිතය.

මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහනායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මෙය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, මෙම අවස්ථාවට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහ මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.

 

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz