22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

පැරණි ජන ක්‍රීඩා නැවත ජනගත කිරීමේ වැඩසටහනක්

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මත  කරන, පැරණි ජන ක්‍රිඩා  නැවත ජනගත කිරීමේ වැඩසටහන් මාලාව යටතේ ක්‍රියාත්මක  කෙරුණු ජන ක්‍රීඩා හඳුන්වාදීමේ වැඩසටහනක් පසුගියදා  බූරුන්නාව ගම්පියසේදී පැවැත්විණි.

වර්තමානයේ දක්නට නොලැබෙන ජන ක්‍රිඩා ප්‍රදර්ශනාත්මකව ඉදිරිපත් කළ අතර එය සැමදෙනාගේ වඩාත් සිත්ගත් අවස්ථාවක් විය. කනා ඇල්ලීම,දිය ගොඩ මඩ,ආරුක්කු කෝච්චිය, මෝල්ගහේ දළුව කැඩීම, ගස් කට්ටි පැනීම එම ක්‍රිඩා  අතර වේ.

ඉපැරණි ගැමි ගෙදරක මතකය යළි සිහිගන්වමින් වී බිස්ස, පැල, ඔංචිල්ලාව හා වෙනත් පැරණි කෘෂි උපකරණ ආකෘතිද නිර්මාණය කර තිබුණි.

ශ්‍රි ලාංකීය ජාතිය පෞඩ  ඉතිහාසයකටත්, ස්වයංපෝෂිත ආර්ථිකයකටත්, පොහොසත් සංස්කෘතියකටත් හිමිකම් කියන පරිපූර්ණ ජාතියක් බව මනාවට විදහාපාන වටිනා හෝරා කිහිපයකින්  මෙම වැඩසටහන විචිත්‍රවත් විය.

මෙම වැඩසටහන  වරකාපොල ප්‍රාදේශීය ලේකම් රංගන සජීව මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ පැවැත්විය. කෑගල්ල දිස්ත්‍රික්කයේ  සංස්කෘතික නිලධාරීන් ,බූරුන්නව වසමට අදාලව රාජකාරී කටයුතුවල නියැලෙන රජ්‍ය නිලධාරීන් සමඟ ප්‍රදේශවාසීන්   විශාල  ප්‍රමාණයක්  මෙම වැඩසටන සඳහා සහභාගී වුහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz