14.06.2025 කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு – Weather Forecastsනාවැකිය – வானிலை முன்னறிவிப்பு – Weather Forecasts

( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )

2025 ජුනි මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය
2025 ජුනි මස 14 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැක.
උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැක.
තද සුළං වලින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

WEATHER FORECAST FOR 14 JUNE 2025
Issued at 05.30 a.m. on 14 June 2025
Showers will occur at times in Western, Sabaragamuwa, Central, Southern and North-western provinces.
Heavy falls about 100 mm are likely at some places in the Western and Sabaragamuwa provinces and in Nuwara-Eliya, Kandy, Galle, Matara and Puttalam districts.
Several spells of showers will occur in the Northern province and in Anuradhapura district.
Strong winds of about (50-60) kmph can be expected at times over Western slopes of the central hills and in Northern, North-central, Sabaragamuwa, North-western and Southern provinces and in Trincomalee district.
The general public is kindly requested to take adequate precautions to minimize damages caused by temporary localized strong winds.