රක්ෂණ ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සම්බන්ධව එම ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාව

රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ වැඩ කටයුතු තවත් ඵලදායීව ඉදිරියට ගෙන යෑමට එම කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ඩබ්.ඒ.ආර් ද මෙල් මහතා සහ  අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය ගෙන යන වැඩපිලිවෙලට සමගාමීව රක්ෂණ ක්ෂේත්‍රයේ නියලෙන්නන් සමඟ පසුගියදා සාකච්ඡාවක් පැවැත්විනි.

රක්ෂණ ක්ෂේත්‍රය සමබන්ධනයෙන් දැනට පවතින අවශ්‍යතාවයන්, ඉදිරි ගමන වෙනුවෙන් සැලසුම් සහ ඒ සඳහා රජයේ අපේක්ෂිත දායකත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිනි.

එම අවස්ථාවට සහභාගී වූ නියෝජ්‍ය මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කලේ රක්ෂණ ක්ෂේත්‍රය රටේ ජනතාවට හා ව්‍යාපාරිකයින්ට සමීප කරවීම තුලින්, නිවැරදි තොරතුරු මත පදනම්ව අලෙවි ප්‍රවර්ධනය හරහා රක්ෂණ ප්‍රතිලාභීන් හා රක්ෂණ ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටන පිරිස දැනුවත් කිරීම තුලින් රටේ දළ දේශීය නිෂ්පාදිතයට ඉහළ දායකත්වයක් ලබා දීමට අවස්ථාව ඇති බවයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ සභාපති ලසිත විමලරත්න, එම සංගමයේ මහ ලේකම් ජේ.එම්. නියාස් යන මහත්වරුන් ඇතුළු රක්ෂණ ආයතන ප්‍රධානීහු ද සහභාගී වූහ.