22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

නව ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබඳ සමීක්ෂණය කර නියාමනය කරන්න. අගමැතිතුමියගෙන් උපදෙස්

නව ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබඳ සමීක්ෂණය කර නියාමනය කරන්න. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන, අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජාතික අධ්‍යාපන කොමිසමට උපදෙස් දෙයි.

ජාතික අධ්‍යාපන කොමිසමේ නව නිලධාරී මණ්ඩලය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ජාතික අධ්‍යාපන කොමිසමේදී පැවැත් විණි.

නව නිලධාරී මණ්ඩලය හඳුන්වා දීම මෙහිදී සිදු වූ අතර අග්‍රාමාත්‍යවරිය විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කරගෙන යන කාර්ය භාරය මෙහිදී පැහැදිළි කළාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2026 සිට ආරම්භ කිරීමට සූදානම් බවත්, ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතින ආයතන ඒකාබද්ධව නිසි ක්‍රමවේදයකට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරිය මෙහිදී පැවසීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී ජාතික අධ්‍යාපන කොමිසමේ කාර්යභාරය පිලිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළේය. එහිදී කොමිසමේ පවතින ගැටළු පිලිබඳවත්, ඉදිරියේදී කළයුතු වැඩසටහන් පිළිබඳවත් අමාත්‍යවරිය කරුණු පැහැදිළි කළාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී පාසල් පිලිබඳ සමීක්ෂණ සිදු කිරීමත්, නියාමනය කිරීමත් ජාතික අධ්‍යාපන කොමිසමට පැවරෙන බව ද පැවසූ අමාත්‍යවරිය අධ්‍යාපන ප්‍රතිපත්ති වඩාත් තීව්‍ර ව සිදු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිෂම ඒකාබද්ධ ව කටයුතු කරන ලෙසද වැඩිදුරටත් අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපති මහාචාර්ය ඒ. සරත් ආනන්ද, උප සභාපති තිලක් ධර්මරත්න යන මහත්වරුන් ඇතුළු කොමිසමේ සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී විය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz