මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම හා යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මගින් වියැකී යන ගොක් කොළ කලාවේ වැදගත්කම අවධාරණය කර දෙමින්,ගොක් කොල ආශ්‍රිතව සිදු කළ හැකි නිර්මාණ පිළිබදව සුවිශේෂී වැඩසටහනක් මහවෙල ඩී.එම් ගුණරත්න විදුහලේ සිසු දරුවන් වෙනුවෙන් එම විද්‍යාලයේ දී පැවැත්විනි.
මේ සදහා සම්පත්දායකත්වය “සීහල” නර්තන රංගායතනයේ කලායාතනාධිපති,උඩරට නර්තනවේදීන්ගේ සංගමයේ සභාපති,ජනාධිපති සම්මානලාභී,උඩරට නර්තන පීඨයේ උපදේශකවරයකු ලෙස කටයුතු කරන,ගොක් කොල කලාව පිළිබදව හසල දැනුමක් ඇති ප්‍රවීන කලාකරු , නාගරික මන්ත්‍රී නිශාන්ත රම්පිටිය මහතා විසින් ලබා දෙන ලදී.
මෙම වැඩසටහන සදහා පාසල් දරුවන් ගුරුවරුන් සහභාගි විය.
පළාත් සංස්කෘතික නිලධාරි සරත් ධර්මසේන මහතා විසින් මෙම වැඩසටහනෙහි සංවිධාන කටයුතු සිදු කරන ලදී.
