2025 අගෝස්තු 18 වන දින සිට 20 දින දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන, 2025 යුද්ධ හමුදා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 5 ක් සහ සෙන්ටිමීටර 18ක උසක් සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායට (SLEME) අයත් ලාන්ස් කෝප්‍රල් ඒ පුවිතරන් විසින් අද ( 2025 අගෝස්තු මස 19 වන දින) රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමඟ රිටි පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වාර්තාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රීඩා තරගාවලි වාර්තාව යන වාර්තා දෙකම තමන් සතු කර ගැනීමට පුවිතරන් සමත්ව විය.
