( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2026 අප්‍රේල් මස 01 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 අප්‍රේල් මස 01 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.
අප්‍රේල් මස 02 වෙනිදා සිට දිවයිනේ පවතින වියලි කාලගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙරේ.
දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වයද තවදුරටත් පවතිනු ඇත.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.
මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
WEATHER FORECAST FOR 01 APRIL 2026
Issued at 05.30 a.m. on 01 April 2026.
The prevailing dry weather conditions over the island are expected to change from 02 April.
Warm weather conditions prevailing over the island is expected to continue.
Showers or thundershowers may occur at several places in Western, Sabaragamuwa and Southern provinces in the evening or night.
Mainly dry weather will prevail over the other parts of the island.
Misty conditions can be expected at some places in Central, Sabaragamuwa, Uva and North-Central provinces and in Galle and Matara districts during the early hours of the morning.
The general public is kindly requested to take adequate precautions to minimize damages caused by temporary localized strong winds and lightning during thundershowers.
