( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2026 අප්‍රේල් මස 16 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 අප්‍රේල් මස 16 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල ප. ව. 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.
මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
WEATHER FORECAST FOR 16 APRIL 2026
Issued at 05.30 a.m. on 16 April 2026.
Showers or thundershowers will occur at several places in Western, Sabaragamuwa, Southern, Central, Uva and North-western provinces after 1.00 pm.
A few showers may occur in the coastal areas of Western and Southern provinces and Puttalam district during the morning too.
Fairly heavy falls above 50 mm are likely at some places in Sabaragamuwa province and in Galle, Matara, Kandy and Nuwara-Eliya districts.
Mainly fair weather will prevail over the other parts of the island.
Misty conditions can be expected at some places in Central, Sabaragamuwa, Northcentral and Uva provinces and in Galle, Matara and Kurunegala districts during the early hours of the morning.
The general public is kindly requested to take adequate precautions to minimize damages caused by temporary localized strong winds and lightning during thundershowers.
