ශ්‍රී ලාංකික-කැනේඩියානු බෞද්ධ නායකයකු කැනේඩියානු පාර්ලිමේන්තුවේ ඓතිහාසික බෞද්ධ උරුම මාස මහජන පෙත්සම ඉදිරිපත් කර ඉල්ලීම් ඉටුවේ
බෞද්ධ උරුමය ජාතික වශයෙන් පිළිගැනීමට අවශ්‍යතාවය ආරම්භ කරමින්, කැනඩාව සැලකිය යුතු පියවරක් ගෙන ඇත.
මැයි මාසය “බෞද්ධ උරුම මාසය” ලෙස නම් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලයේ e-පෙත්සමක් නිල වශයෙන් ඉදිරිපත් කිරීමෙනි.
e-6893 ලෙස ලියාපදිංචි කළ මෙම පෙත්සමට, රට පුරා කැනේඩියානුවන් 3,102 දෙනෙකුගේ අත්සන් ලැබිණ. 2026 මැයි 8 වැනි සිකුරාදා, කනාටා ආසනය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනා සඩ්ස් (Jenna Sudds) විසින් එය නිල වශයෙන් ඉදිරිපත් කළාය.
මෙම මුලපිරීමට නායකත්වය දුන්නේ ශ්‍රී ලංකාවේ ඉපිදි කැනඩාවේ පදිංචි බෞද්ධ නායකයකු වන විසිත සිරින් ලීලාරත්නය. ඔහු (Buddhist Embassy Canada) සහ ඔටාවාහි වෙසක් ආරම්භකයා වේ – මෙම ආයතන හරහා, දශකයකට අධික කාලයක් තිස්සේ කැනඩාවේ බෞද්ධ සංස්කෘතික පැතිරීම වෙනුවෙන් පෙනී සිටියේය.
පෙත්සම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ පසු ලීලාරත්න මහතා, කනාටා කාර්යාලයේදී MP සඩ්ස් මහත්මිය හමු වූ අතර, ඇගේ අඛණ්ඩ සහාය ගෙනහැර දැක්වීමේ ස්තූතිය ලෙස සාදරීය ස්මාරකයක් විසිත සිරින් ලීලාරත්න විසින් මන්ත්‍රී වරියට පිළිගැන්වීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනා සඩ්ස් (Jenna Sudds) මෙම ප්‍රයත්නයේ වැදගත්කම ඉස්මතු කරමින්, කැනේඩියානුවන් 300,000 කට අධික ප්‍රමාණයක් තමන් බෞද්ධයන් ලෙස හඳුන්වා ගෙන ඇති බවත්, ඔවුන් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, අන්‍ය ආගමික සංවාදය සහ ප්‍රජා සේවා ක්ෂේත්‍රවල අර්ථවත් කාර්යභාරයක් ඉටු කරන බවත් පෙන්වා දුන්නාය. ලොව පුරා පිළිගත් වෙසක් සමය සමග එකට ගලා යන මැය මාසය, බෞද්ධ උරුමය ගෞරවයෙන් සනිටුහන් කිරීමට වඩාත් සුදුසු මාසය බව ඇය අවධාරනය කළාය.
මෙම සන්ධිස්ථානය රට පුරා සිදු වූ අනෙකුත් සැලකිය යුතු සංවර්ධනයන් කිහිපයකින් ශක්තිමත් වේ. නගරාධිපති මාක් සට්ක්ලිෆ් (Mark Sutcliffe) යටතේ ඔටාවා නගරය, 2026 මැය “බෞද්ධ උරුම මාසය” ලෙස නිල වශයෙන් ප්‍රකාශ කළ අතර, එය ඒ ලෙස කළ ප්‍රථම බටහිර අගනගරය විය.
අගමැති මාක් කාර්නේ (Mark Carney) ද, මෙම අවස්ථාව සනිටුහන් කරමින්, කැනේඩියානුවන් බෞද්ධ සම්ප්‍රදායන් හා වටිනාකම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට දිරිමත් කරමින්, නිල ප්‍රකාශයක් නිකුත් කළේය.
නීතියක් ලෙස සම්මත වූ විට, ජාතික මට්ටමින් බෞද්ධ උරුමය සැමරීමට සම්පූර්ණ මාසයක් නිල වශයෙන් කැප කරන ලොව ප්‍රථම රාජ්‍යය ලෙස කැනඩාව ඉතිහාස ගතවන අතර, ලෝක බෞද්ධ ප්‍රජාව සඳහා ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කෙරේ.
