මෙරට සෞඛ්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ හෙට දවස වෙනුවෙන් Softlogic Life තවදුරටත් සුවිසල් ඉදිරි පියවරක් තබයි

Big Moves, Big Impact යන්න තේමා කර ගනිමින් Softlogic Life Insurance PLC සංවිධානය කරනු ලැබූ 2026 ආයෝජක සමුලුව පසුගියදා කොළඹදී පැවැත්විණ. එහිදී සිය උපාය මාර්ගික වර්ධනය හා ශක්තිමත් ව්‍යාපාරික සැලසුම ආයෝජක ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීමටද ඔවුන් කටයුතු කර තිබිණ. Softlogic Life Insurance හි මනා ක්‍රියාකාරීත්වය හා විවිධාංගීකරණය වූ බෙදාහැරීම් ජාලය හරහා ස්ථාවර කාර්ය සාධනයක් ප්‍රදර්ශනය කිරීමටද හැකි වී තිබේ. 

මෙම සමුලුවේදී Softlogic Life විසින් වගකිවයුතු පාලනය, දිගුකාලීන වටිනාකම් නිර්මාණය සහ මූල්‍යමය ආරක්ෂාව සැමටම ලබාදෙන පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් සහ තිරසාරභාවය වෙනුවෙන් වන කැපවීම  අවධාරණය කරන ලදී. එමෙන්ම, සමාගමේ මෙහෙයුම් කාර්යක්ෂමතාව, ව්‍යාපාරික වර්ධනය සහ පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීම සඳහා තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම්, දත්ත විශ්ලේෂණය සහ ඩිජිටල් තාක්ෂණය දියුණු කිරීම උදෙසා ඔවුන්ගේ අඛණ්ඩ ආයෝජනන් පිළිබඳවද මෙම සමුළුවේදී කරුණු ඉදිරිපත් කෙරිණ.

2025 වසරේදී රුපියල් බිලියන 40 ඉක්මවූ දළ ලිඛිත වාරිකයකට (GWP) හිමිකම් කියූ Softlogic Life ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වාර්තා වූ ඉහළම වර්ධනය තමන් සතු කර ගැනීමට සමත් විය. එමෙන්ම 2026 වසරේ පළමු කාර්තුව තුළ පමණක් රුපියල් බිලියන 12.3ක දළ ලිඛිත වාරිකයක් (GWP) උපයමින්, ඔවුන් පසුගිය වසරට සාපේක්ෂව 37%ක වාර්ෂික වර්ධනයක් සමඟින් වසර ආරම්භ කිරීමද විශේෂත්වයකි.  දැනට ඔවුන් සතු වෙළඳපොළ කොටස 19.3% ක් වන අතර 2026 මාර්තු 31 වන විට සමාගමේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 76ක් දක්වා ඉහළ ගොස් ඇත. සමාගමේ වාර්ෂික වාර්තාවටද පාදක වී ඇති Big Moves, Big Impact තේමාව හුදු බලාපොරොත්තුවක් පමණක් නොවන අතර, එය දැනටමත් අත්කරගෙන ඇති සාර්ථකත්වය සහ ඉදිරියට ගොඩනැඟීමට නියමිත දේ පිළිබඳ කදිම පණිවිඩයක් ලෙසද පෙන්වා දිය හැකිය.

මෙම සමුලුවේදී විශේෂ අදහස් දැක්වීම් සඳහා Softlogic Life කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ්, එහි ප්‍රධාන මූල්‍ය නිලධාරී නුවන් විතානගේ, ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු සහ Orthogeriatric and Peripoerative care විශේෂඥ වෛද්‍ය සිතිර  සෙනෙවිරත්න යන මහත්වරුන් සහභාගී වූහ. ජනගහන වෙනස්වීම්, ඉහළ යන වෛද්‍ය ගාස්තු, ජීවන රටාවේ වෙනස්කම් සහ ලාංකිකයන් මුහුණ දෙන අවදානම හා ඔවුන් සතු රක්ෂණ ආරක්ෂාව අතර පවතින පරතරය හේතුවෙන් ලංකාවේ සෞඛ්‍ය සහ රක්ෂණ ක්ෂේත්‍රය වෙනස් වන ආකාරය පිළිබඳව  ඔවුහු මෙහිදී සාකච්ඡා කරන ලදී. එමෙන්ම ලෝකයේ සහ ආසියාවේ රක්ෂණ ප්‍රවණතා, රාජ්‍ය ප්‍රතිපත්ති, රෝග වැළැක්වීමේ සෞඛ්‍ය ක්‍රම සහ ජනගහනය වයස්ගත වීම නිසා ඇතිවන මූල්‍ය බලපෑම පිළිබඳවද දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය.

දකුණු ආසියාවේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ජනගහනය වේගයෙන් වයස්ගත වෙමින් පවතී. දැනටමත් සෑම ලාංකිකයන් හතරදෙනෙකුගෙන් එක් අයෙකුගේ වයස අවුරුදු 60 ට වැඩි අතර, 2050 වන විට එම ප්‍රතිශතය දෙගුණයකින් පමණ වැඩිවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. දැනට රට තුළ සිදුවන මරණවලින් 83%කටම හේතුව වන්නේ බෝ නොවන රෝගයන්ය එමෙන්ම, සාමාන්‍ය උද්ධමනයට වඩා වැඩි වේගයකින් වෛද්‍ය වියදම් දිගින් දිගටම ඉහළ යමින් තිබේ. මෙවන් පසුබිමක් තුළ වුවද, ආසියාවේ අනෙකුත් රටවලට සාපේක්ෂව ලංකාවේ රක්ෂණ භාවිතය පවතින්නේ ඉතාමත් අඩු මට්ටමක වීම අවධානය යොමු කළ යුතු කරුණකි.

Allianz Life Insurance Lanka සමාගම මිලදී ගැනීම සහ Norfund හා OP Finnfund වෙතින් ඩොලර් මිලියන 15ක ආයෝජන හිමිවීම තුලින් Softlogic Life සමාගමේ මූල්‍ය ශක්තිය තවදුරටත් ශක්තිමත් වනු නිසැකය.  වෙළෙඳපොළ තුළ ස්ථාවර සහ කැපවීමෙන් යුත් සේවාවක අවශ්‍යතාවය තදින්ම පවතින මෙවැනි වටපිටාවක, මෙම සන්ධිස්ථාන මඟින් සමාගමේ පරිමාණය, ප්‍රාග්ධන පදනම සහ ජාත්‍යන්තර විශ්වාසනීයත්වය ඉහළ නංවා ගැනීමටද හැකිව තිබේ.

මෙහිදී අදහස් දැක්වූ Softlogic Life හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා සඳහන් කර සිටියේ “අපි දැන් මුහුණ දෙමින් සිටින්නේ Silver Tsunami ලෙස බොහෝ දෙනා හඳුන්වන තත්ත්වයකටයි. එනම්, ශ්‍රී ලංකාවේ ජනගහනය වේගයෙන් වයස්ගත වන ආකාරය, මිනිසුන් සෞඛ්‍යය අත්දකින ආකාරය සහ රක්ෂණ ආරක්ෂාව කෙබඳු විය යුතුද යන්න සම්පූර්ණයෙන්ම වෙනස් වෙමින් පවතිනවා. මිනිසුන් දිගු කලක් ජීවත් වන අතර, වෛද්‍ය වියදම්ද දිගින් දිගටම ඉහළ යමින් පවතිනවා. මෙම ගැටලු පිළිබඳව ගැඹුරු ජාතික කතිකාවතක් ඇති කිරීමට අපගේ ආයෝජක සමුළුව අපට අවස්ථාව ලබා දුන්නා. අපගේ කැපවීම වන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ පරිණාමයට පෙරමුණ ගැනීමයි. ඒ හරහා, මිනිසුන්ට තමන්ගේ ජීවිතයේ සෑම අවධියකදීම පූර්ණ විශ්වාසයකින් යුතුව ජීවත් වීමට සහ අනාගතය සැලසුම් කිරීමට අවශ්‍ය විසඳුම්, හවුල්කාරිත්වයන් සහ ඩිජිටල් වේදිකාවන් ගොඩනැගීමට අපි කටයුතු කරනවා.” යනුවෙනි.

මෙම සමුළුවේ කොටසක් ලෙස Softlogic Life සමාගම විසින් ‘’Health for Life’’ නමින් සුවිශේෂී සෞඛ්‍ය රක්ෂණාංගයක් හඳුන්වා දීමටද කටයුතු කරන ලදී.  මෙතෙක් වෙළෙඳපොළේ පැවති ප්‍රධානතම සීමාවක් වූ ‘සෞඛ්‍ය රක්ෂණාවරණය නිශ්චිත වයසකදී අවසන් වීම තව දුරටත් පිළි නොගන්නා මෙම යෝජනා ක්‍රමය තුලින්  නිශ්චිත වයසකට පැමිණි පසු අහෝසි වන සාමාන්‍ය රක්ෂණ ක්‍රම මෙන් නොව, කිසිදු කල් ඉකුත්වීමකින් තොරව ජීවිත කාලය පුරාම අඛණ්ඩ සෞඛ්‍ය ආරක්ෂාවක් සපයනු ඇත. එමඟින් පාරිභෝගිකයන් වයස්ගත වන විට, එනම් රක්ෂණාවරණයක අවශ්‍යතාවය වඩාත්ම තදින්ම දැනෙන කාල වකවානුවේදී පවා ඔවුන්ට පූර්ණ ආරක්ෂාව සැලසීම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ Softlogic Life හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ඉන්දු ආටිගල මහතා ‘Softlogic Life හි ‘Health for Life’ සෞඛ්‍ය රක්ෂණාවරණය, සාමාන්‍ය රක්ෂණ ක්‍රම කල් ඉකුත් වන අවස්ථාවලදී පවා අඛණ්ඩ ආරක්ෂාව සපයමින් වයස්ගත වන ශ්‍රී ලාංකික ජනගහනය සඳහා දිගුකාලීන විසඳුමක් ලබා දෙනවා. අවුරුදු 60 ට වැඩි ජනගහනය ඉහළ යාම මත පදනම්ව, මෙය කල් ඉකුත් නොවන ආරක්ෂාවක් සහිත විශ්වාසනීය සෞඛ්‍ය ආවරණයක් සහතික කරනවා. ” යනුවෙන් පැවසීය.

Softlogic Life හි ‘Health for Life’ සෞඛ්‍ය රක්ෂණාවරණය, සාමාන්‍ය රක්ෂණ ක්‍රම කල් ඉකුත් වන අවස්ථාවලදී පවා අඛණ්ඩ ආරක්ෂාව සපයමින් වයස්ගත වන ශ්‍රී ලාංකික ජනගහනය සඳහා දිගුකාලීන රක්ෂණාවරණය හඳුන්වා දීම සඳහා සුවිශේෂී ප්‍රචාරණ වැඩපිළිවෙළක් දියත් කර ඇත. එහි මූලික අදහස වන්නේ පාරිභෝගිකයින්ගේ උසස් ජීවන තත්ත්වයක් පවත්වා ගැනීමට උපකාර වන හොඳ ලෙඩ  විඳ ගැනීමට වයස කිසිසේත්ම බාධාවක් නොවන බවයි. මෙම සුවිශේෂී පණිවිඩය ශ්‍රී ලාංකේය ජනතාව අතරට ගෙන යාම වෙනුවෙන් එහි සන්නාම තානාපති ලෙස ලෝක ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තයෙකු වන වසීම් අක්‍රම් සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් අන්තර්ගත නිර්මාණකරුවෙකු වන චරිත් සිල්වා හෙවත් වයිල්ඩ් කුක්බුක් එක්ව සිටිති. මොවුන් දෙදෙනා වෙනස්ම පරම්පරා සහ ක්ෂේත්‍ර නියෝජනය කරමින් මෙම සත්‍යය ලොවටම කියා පායි. ලොව බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන වසීම් අක්‍රම්, අතීත මතකයන්ගෙන් පමණක් නොව අදටත් ඔහු ජීවත්වන ජවය, විනය සහ අරමුණ තුළින් මිලියන සංඛ්‍යාත ජනතාවක් දිරිමත් කරයි. වයිල්ඩ් කුක්බුක් පෙන්වා දෙන්නේ ඕනෑම වයසකදී තම අරමුණු සහ ආශාවන් අලුතින් අර්ථකථනය කරන්නේ කෙසේද යන්නයි. මොවුන් දෙදෙනාගේ එකතුව මෙම ප්‍රචාරණ වැඩපිළිවෙළට ඉහළ ජනප්‍රියත්වයක් සහ විශ්වාසනීයත්වයක් ලබා දෙනු නිසැකය-