22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

විදුලි වාහනවලට ජාතික ප්‍රතිපත්තියක්

කර්මාන්ත අමාත්‍යාංශය හා එක්ව විදුලි වාහන සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් එළිදක්වන බව කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ

විදුලි සහ ඉලෙක්ට්‍රොනික කර්මාන්ත සංවර්ධන උපදේශක කමිටුවේ සාමාජික ගාමිණි රණසිංහ මහතා පැවසීය.

ඒ අනුව විදුලි වාහන ප්‍රතිපත්තිය සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය පනතක් බවට පත් කිරීම ඉදිරියේදී සිදු වනු ඇත.

ශ්‍රී ලංකාවට අදාළ වන රථවාහන ප්‍රතිපත්තියක් මේ වන තුරු සකස් කර නැති බවත් රථවාහන ප්‍රතිපත්තිය සකස් කර, ඒ තුළ විදුලි වාහන ප්‍රතිපත්තිය සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

විදුලි වාහන ප්‍රතිපත්තිය සකස් කිරීමෙන් පසු විදුලි වාහන එකලස් කිරීම, නිෂ්පාදනය සහ ආනයනය සම්බන්ධයෙන් පිරිවිතරයන් සහ අදාළ නිර්ණායකයන් තීරණය වනු ඇත. එමෙන්ම විදුලි වාහන ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා නියාමන අධිකාරියක් පිහිටුවීමටද නියමිතය. ඒ අනුව විදුලි වාහන ගෙන්වන, නිපදවන සහ සේවා සපයන ආයතන මේ නිර්ණායකවලට අනුව කටයුතු කළ යුතුය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz