22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ලොව පුරා තානාපති කාර්යාල 30ක් අමෙරිකාව වසා දමන්න හදයි

එරට අභ්‍යන්තර රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවකට අනුව විදේශයන් හි පවත්වාගෙන යනු ලබන තානාපති කාර්යාල සහ කොන්සියුලර් කාර්යාල 30කට ආසන්න ප්‍රමාණයක්  වසා දැමීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇත්තේ එරට කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානි එලෝන් මස්ක්ගේ උපදෙස්වලට අනුව බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වුවද වසා දැමීමට නිර්දේශ කර ඇති කාර්යාල අතර මෝල්ටාව, ලක්සම්බර්ග්, ලෙසෙතෝ, කොංගෝ ජනරජය, මධ්‍යම අප්‍රිකානු ජනරජය සහ දකුණු සුඩානය ද ඇතුළත් බව වාර්තා වේ. මීට අමතරව ප්‍රංශයේ කොන්සියුලර් කාර්යාල 5ක්, ජර්මනියේ 2ක්, බ්‍රිතාන්‍යයේ සහ දකුණු අප්‍රිකාවේ එක් කොන්සියුලර් කාර්යාලය බැගින් වසා දැමීමට නිර්දේශ කර ඇති අතර අමෙරිකා විරෝධී රාජ්‍යයන් වන සෝමාලියාවේ සහ ඉරාකයේ රාජ්‍යතාන්ත්‍රිකයන් අවම කිරීමට ද ජනාධිපතිවරයාට නිර්දේශ ලැබී ඇති බවත්, වසා දැමීමට යෝජිත විදේශීය රාජ්‍යතාන්ත්‍රික කාර්යාල සඳහා අමෙරිකාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මෙතෙක් අත්සන් තැබූ බවට තොරතුරු වාර්තා නොවන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz