22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

SLT-MOBITEL ‘2022 බ්‍රැඩ්බි පළිහ’ සඳහා නිල සන්නිවේදන සහකරු ලෙස එක්වෙයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක මෙන්ම රටේ ක්‍රීඩා
ක්ෂේත්‍රයේ උන්නතියට සෑමවිටම උරදෙන දේශීය සන්නාමයක් වන SLT-MOBITEL, 2022
බ්‍රැඩ්බි පළිහ (Bradby Shield 2022) සඳහා නිල සන්නිවේදන සහකරු ලෙස එක්විය.
කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවැත්වෙන මෙම වාර්ෂික
බ්‍රැඩ්බි තරගාවලියට වසර 76 කට අධික ඉතිහාසයක් ඇත. මෙවර තරගාවලියේ පළමු
අදියර පසුගිය අගෝස්තු 20 දින රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදී පැවති අතර
එහිදී ලකුණු 29 කට 0 ක් වශයෙන් ත්‍රිත්ව විද්‍යාලයීය පිල පරාජයට පත්කරමින් විශිෂ්ට
ජයග්‍රහණයක් අත්කර ගැනීමට රාජකීය පිල සමත් විය. මෙහි දෙවැනි අදියර එළඹෙන
සැප්තැම්බර් 03 වන දින පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz